IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කන්දන්කුලම් වැව රැකගන්න බැම්ම කපයි

 

(සිතුම් චතුරංග)
       
ජලය කාන්දුවීම හේතුවෙන් කැඩීයාමේ අවදානමක් මතුව තිබෙන කිලිනොච්චිය, කන්දන්කුලම් වැව ආරක්ෂා කිරීම සඳහා අද (22) එහි වැව් බැම්ම කපා ජලය ඉවත් කිරීමට පියවර ගත් බව කිලිනොච්චිය වාරි ඉංජිනේරු කාර්යාලය පැවසීය.

වැව කැඩීයාමේ අවදානම හේතුවෙන් කිලිනොච්චිය යුද හමුදාව හා ප්‍රදේශවාසීන් රාත්‍රියේ සිට වැලි කොට්ට යොදා වැව් බැම්ම ආරක්ෂා කිරීමේ මෙහෙයුමක නිරතවූ අතර ඒ සඳහා වැලිකොට්ට 2000 අධික සංඛ්‍යාවක් වැව් බැම්ම මත ආරක්ෂාවට යෙදවීම සිදුකෙරිණි.
       
වැලිකොට්ට යොදා ජලය කාන්දුවීම වළක්වා ගැනීමට නොහැකිවීමෙන් වැව පහළ තිබෙන වගාබිම් හා ඒ ආශ්‍රිත  නිවාස ආපදාවෙන් ගලවා ගැනීම සඳහා වැව් බැම්ම කපා ජලය ඉවත් කිරීම සිදුකළ බව වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

කන්දන්කුලම වැවේ සොරොව්ව අසල ජල කාන්දුවක් පවතින බවට ප්‍රදේශවාසීන් කළ දැනුවත් කිරීම අනුව ආපදා කළමනාකරණ ඒකකය, කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය හා  දිස්ත්‍රික් වාරිමාර්ග නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැලිකොට්ට යොදා වැව ආරක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

කන්දන්කුලම වැව යටතේ කුඹුරු අක්කර 1000 කට අධික ප්‍රමාණයක් පවතින අතර වැවේ ජල කාන්දුව හේතුවෙන් වැව කැඩී ගියහොත් එම කුඹුරු සියල්ල විනාශවීමේ අවදානමක් මතුව පැවති බව දිස්ත්‍රික් වාරි ඉංජිනේරු කාර්යාලය පැවසීය.

ජලකාන්දුව වළක්වා ගැනීම සඳහා වැලි කොට්ට යොදා වැව ඇතුළතින් වැව් බැම්ම ආරක්ෂා කරගැනීමට පියවරගත යුතු බවත් එ අනුව අද (22) දිනයේත් වැව් බැම්ම ආරක්ෂා කරගැනීමට හා ජලකාන්දුව වළක්වා ගැනීම සඳහා වැලිකොට්ට යෙදීම සිදුකෙරිණි.

කිලිනොච්චිය 571 වැනි බලසේනා මූලස්ථානයේ යුද හමුදා සෙබලුන්, ප්‍රදේශවාසීන් හා අපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් කන්දන්කුලම් වැව ආරක්ෂා කිරීමේ මෙහෙයුම සඳහා එක්ව සිටියහ.



අදහස් (0)

කන්දන්කුලම් වැව රැකගන්න බැම්ම කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 18 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 15 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 731 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site