IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කාන්තා නියෝජනය ඉහල නංවන්න කැපවෙනවා

 

(අංජුල මහික වීරරත්න)

ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්රණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය නැරඹීමට අද (8)පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 100කට අධික සංඛ්‍යාවක් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කොළඹ වරාය නගරය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවකට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට ද එක් විය.

ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය සහ මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය මෙන්ම කාර්යභාරය පිළිබඳ මෙහිදී සිසුවියන් වෙත පැහැදිළි කළ ජනාධිපතිවරයා ඔවුන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

 



අදහස් (7)

කාන්තා නියෝජනය ඉහල නංවන්න කැපවෙනවා

Dasa P Wednesday, 09 August 2023 12:12 AM

කොල්ලා කාලෙත් ඔහොම කිවුවා කියලා දැන් මතක නැහැ

:       0       4

Perera Wednesday, 09 August 2023 12:40 AM

ඕවට සිංහල බස් වහරේ කියන්නේ කටින් බතල හිටවීම කියලා

:       0       4

ලුම්බිණි Wednesday, 09 August 2023 04:37 AM

රෝසි සේනානායක වගේ කට්ටිය නේද ගේන්නේ?

:       0       6

AB Wednesday, 09 August 2023 05:36 AM

සත්‍ය වශයෙන්ම ශ්‍රී ලනක දේශපාලනයේ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමින් වදිකලයුතු වේ. පලත්මට්ටමින් කාන්තවන් දේශපාලනයට සම්බන්ද කරගැනීමට හැකි උවත් පිරිමි පාර්ශවය කෙසේ හෝ ඔවුන්ව බැහැර කිරීමට දැඩි වෙහෙසක් සහ ඔවුන් ප්‍රදේශය මට්ටමින් දේශපාලනයට පැමිණීම පැමිණීමේදී යම් පීඩනයක් ඔවුන්ට එල්ල කරයි. එමනිසා සුදුසු වනුයේ උගත් බුද්දිමත් විදෙස් අදයපනය, පරිපාලන අද්දැකීම් ලද හෝ රැකියාවක් කරනලද සහ ලංකාවේ පුරවැසියන් වෙත අවන්කවම සේවයක් කිරිමට හැකි ගැටළු සදහා විසදුම් සෙවීමට හැකි නිර්මාණශීලි කාන්තවන් ඉදිරියට ගැනීම සහ ඔවුන් පාර්ලිමේන්තු දේශපාලනයට සම්බන්ද කරගැනීම සිදු උවහොත් අනාගතයේදී පහසුවෙන්ම කාන්තවන් හට ප්‍රදේශය මට්ටමින් දේශපාලනයට එක්වීමට අවස්ථව සැලසෙනු ඇත. කැනඩාවේ කැබිනෙට් මණ්ඩලයේ 40% -50% කාන්තවන් නියෝජනය කරයි. කිසිදු ගැටළුවක් නොමැතිව ඔවුන් වැඩකටයුතු සාර්ථකව කරයි. එමනිසා ශ්‍රී ලංකාවට මේ පැමිණ තිබෙනාවූ අවසන් සහ හොදම අවස්ථව පමණක් නොව ඔබතුමා දේශපාලනයේ ඉහලම තනතුරේ සිටිනා නිසාත මේ කටයුතු සාර්ථකව කිරීමට හැකියාව ඇත. ආසියාවේ කැබිනෙට් මණ්ඩලයේ 40% -50 කාන්තවන් නියෝජනය කරනාවූ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරමු.

:       0       0

සල්ලි Wednesday, 09 August 2023 08:01 AM

තරුණයින්ට අවස්ථාව දෙනවා කියලා කලින් කීවනේ. අවස්ථාව දුන්නාද?

:       0       5

PereraWednesday, 09 August 2023 11:01 AM

සල්ලි, මතක නැද්ද තරුණ අයට බ්‍රේස්ලට් පළඳින්න, චුයින් ගම් කන්න, ඩෙනිම් අඳින්න අවස්ථාවක් මෙයා දුන්නා.

:       1       4

CHANDIMA Wednesday, 09 August 2023 08:20 AM

ඒ මොකද ?දැන් ඉන්න උන් ආන් බාන් කරන්න අමාරුද ?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site