IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කාන්තා දේශපාලන වැඩට එංගලන්ත හයිය ගන්න යයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය දිරිගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා එක්සත් රාජධානියේ සහයෝගය ලබා ගැනීමට හැකි අවස්ථා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සාකච්ඡා කෙරිණි. 

මෙම රැස්වීමට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ (Westminster Foundation for Democracy) නියෝජිතයන් සහ නීතිය සහ සමාජ භාරයේ (Law & Society Trust) නියෝජිතයන් සහභාගී වූ අතර,  මෙරට තරුණ කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ සමාජ ස්ථර අතර සංවාදයක් ගොඩනැගීමේ අවශ්‍යතාවද එහිදී අවධාරණය කෙරිණි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම අවස්ථාවට  නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් වන ආචාර්‍ය කෞෂල්‍යා ආරියරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි,නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ තුෂාරි ජයසිංහ,  නීතිඥ අනුෂ්කා තිලකරත්න, දීප්ති වාසලගේ ,  ඔෂානි උමංගා, අම්බිකා සැමුවෙල් ,නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර  මහත්මීහු ද එක්ව සිටියහ.



අදහස් (0)

කාන්තා දේශපාලන වැඩට එංගලන්ත හයිය ගන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site