IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කාන්තා අමාත්‍යාංශය ජනපතිට පවරා ගත් හේතුව කියයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යාංශය තාවකාලිකව තමා යටතට පවරා ගත්තේ  ශ්‍රී ලාංකික කාන්තාවගේ මෙම බහුවිධ භූමිකා වඩාත් බලාත්මක කරමින් බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන ගමනේදී මෙරට කාන්තාවන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කළමනාකරණ හා දේශපාලන තීන්දු ගන්නා යාන්ත්‍රණයෙහි කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමට රජය  කැප වී සිටින අතර  පාර්ලිමේන්තුවේ පමණක් නොව, රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේ සියලු ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ පුළුල් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපතිවරයා කීය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට  අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇතැයි ද  එතෙකින් නොනැවතී ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීමට ද අපේක්ෂා කරන අතර ඔම්බුඩ්ස්වුමන් වරියක  මෙන්ම වැවිලි හා ඇඟලුම් ආදි ක්ෂේත්‍රයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට කාන්තාවන් පත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවසීය.

 

 

 



අදහස් (10)

කාන්තා අමාත්‍යාංශය ජනපතිට පවරා ගත් හේතුව කියයි

chinthana Wednesday, 08 March 2023 09:58 AM

විහාර දේවාලගම පනතෙ ඈති කන්තවන්ට නිලමෙ තනතුරුවලට තරග කිරිමට හ කන්ත නිලඩරිනියන්ට එම තනතුරුවලට පවත්වන චද විමසිමෙඩි චන්ඩය ඩිමට අති තහනම ඉවත් කල යුතුයි. නිතිය ඉදිරියෙ ගැහැනු පිරිමි ලෙස වෙනස්කොට සැලකිම වැරදියි. ආගම සංස්ක්‍රෘතිය විනාශ කරනව කියල සමහරු රෙදි උස්සගෙන එයි නමුත් මෙවනි තිරනයක් ගන්න ශක්තිය අති එකම පුද්ගලය රනිල් විතරයි

:       5       6

Syn Wednesday, 08 March 2023 10:12 AM

Good decision.රජයේ සේවිකාවන්ට පහසු සංවර ඇඳුමක් අඳින්න අවසර දෙන්න සාරිය නැතුව.ආණ්ඩුවට සත පහක දෙයක් යන්නෙ නෑ මේ ඉල්ලීම ඉටු කරල දෙන්න.

:       7       5

රනිල් වික්‍රමසිංහ Wednesday, 08 March 2023 11:04 AM

එහෙම කරන්නේ කොහොමද ?ගෑනියෙකුට සාරිය ලස්සනයිනේ.මමත් ඉඳහිට එදරදී සාරිස් ඇඳලා හැඩ බලනවා. සාගලට නොදන්වා මාව ඇවිත් හම්බවෙන්නකෝ.එතකොට අපි කතාකරමු.

:       27       13

අමාWednesday, 08 March 2023 11:04 AM

ඇදුම විතරක් පහසු කරගන වැඩක් නෑ. කරන රාජකාරියත් පහසුවට කරල දෙන්න. මිනිසුන් රස්තියාදු නොකොට.

:       0       10

ලුම්බිණි Wednesday, 08 March 2023 11:31 AM

ජනාධිපති කම කාන්තාවකට දීල කාන්තා ඇමති කම තියාගත්තා නම් නේද හොඳ?

:       3       8

thushara Wednesday, 08 March 2023 11:45 AM

ඉස්සර අන්තප්පුර බලා ගන්න දුන්නෙත් ඔහොම අයට තමා

:       31       10

Rata Perata Wednesday, 08 March 2023 12:56 PM

මේ වගේ කතා කියන සූත්තර පුන්චෙක් ලැබීම කොච්චර දෙයක්ද ?බලන්නකෝ මෙයා එජාපෙත් කාන්තාවන්ට කොච්චර තැනක් දීලා තියනවද කියලා.අන්තිමට ඒක නැති කරලම දාන්න තියන දක්ෂ කමට .134 ට සාප වේවා

:       1       6

fairoos Wednesday, 08 March 2023 01:39 PM

ඇම්ඩට නම් හොඳටම පිස්සු වගේ

:       1       3

podi Ralahami Wednesday, 08 March 2023 01:57 PM

අයියෝ, අරයාට කිව්වා නම් ඔයාට සාරි කීපයකුයි, ගවුමුයි ගෙනත් දෙනවානේ මම...!

:       0       1

de silva Wednesday, 08 March 2023 03:48 PM

අමතිකම විද්‍යනුකුලව ගැලපෙනව , මම නම් මෙකෙ කිසිම වරදක් දකින්නෙ නැහැ ,කාන්ාවන්ගෙ සිතුම් පැතුම් හදුනන්න , කාන්තාවක් වගෙම මනුස්සය,

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site