
(ගයාන් සූරිය ආරච්චි)
වාලච්චේන ප්‍රදේශයේ කාන්තාවක සහ පුද්ගලයකු අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව පවසමින් ඔටමාවඩි ප්‍රදේශයේ පල්ලියකට බලෙන් රැගෙන ගොස් කාන්තාවට 50 වතාවක් සහ පුරුෂයාට 100 වතාවක් කෝටුවකින් පහර දුන් බව කියන මවුලවිවරයකු ඇතුළු 7 දෙනකු අත්අඩංගුවට ගත් බව වාලචේන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන, බිරන්දරන සහ ඔටමාවඩි යන ප්‍රවේශවල පදිංචි අවුරුදු 19 - 39 ත් අතර පසුවන මවුලවිවරයකු ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකි.
පැමිණිලිකාරිය විවාහයෙන් වෙන්වී තම දරුවා සමඟ ඔටමාවඩි ප්‍රදේශයේ පදිංචිව සිටින 28 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය අවශ්‍යතාවක් සඳහා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ ඔහුගේ වෑන් රථයෙන් ඉකුත් දෙසැම්බර් 31 වැනිදා කුලී ගමනක් ගොස් ඒ සඳහා රුපියල් 5000 මුදලක් කාන්තාව විසින් හිඟ මුදල් ලෙස එම පුද්ගලයාට ලබාදීමට තිබූ බව පොලිසිය කියයි.
පසු දින කාන්තාව විසින් වෑන් රථයේ රියදුරුට දුරකථනයෙන් අමතා හිඟ මුදල් රැගෙන යන දන්වා ඇති අතර ඔහු කුලී ගමනක් ගොස් සිටි බැවින් එම මුදල් ලබා ගැනීම සඳහා එදින රාත්‍රී 11.00 ට පමණ එම කාන්තාවගේ නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
948
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවක සහ පුරුෂයකු පැහරගෙන ගොස් පහරදීලා
වික්‍රම විදුර Thursday, 09 January 2025 08:23 PM
අපෝ මෙන්න අපේ රටේ මහා විසබීජ.. ඔනන ප්‍රශ්න කරලා ත්‍රස්තවාදී ආකල්ප පතුරන උන් ගැන දැනගන්න..
ජනත් Friday, 10 January 2025 07:33 PM
"ශරියා නීතිය" ක්‍රියාත්මක කරලාද?