IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැන්ඩි පිල ලකුණු 8 කින් ජැෆ්නා පරදවයි

(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති දිනයේ පළමු තරගයේදී බී - ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ලකුණු 8 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කය හඹා ගිය ජැෆ්නා පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 170 ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස් තුන්ඉරියව් දස්කම් දක්වමින් කැන්ඩි පිලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. මැතිව්ස් ආරම්භක පන්දුයවන්නා වෙමින් ලකුණු 10කට කඩුලු 3ක් දවා ගැනීමෙන් කැන්ඩි ජයග්‍රහණයට පාර විවෘත විය.

බී - ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 8 ට 178 ( මොහොමඩ් හාරිස් 81, ෆකාර් ශාමන් 22, ඇන්ජලෝ මැතිව්ස් 22, වනිදු හසරංග 19, නුවන් තුෂාර 31/3, දුනිත් වෙල්ලාලගේ 43/2, ඩිල්ෂන් මධුශංක 31/2)

ජැෆ්නා කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 170 (ෂොයිබ් මලික් නොදැවී 55, ඩේවිඩ් මිලර් 24, තිසර පෙරේරා 36, ඇන්ජ්ලො මැතිව්ස් 10/3, නුවන් ප්‍රදීප් 48/2)



අදහස් (0)

කැන්ඩි පිල ලකුණු 8 කින් ජැෆ්නා පරදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site