IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කැනඩාවට ශ්‍රී ලංකාවේ අප්‍රසාදය

(විමුක්ති එස් රුද්‍රිගු)

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූවා යැයි පවසමින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් විමසීමට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා  ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා ඊයේ(19) විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත.

එහිදී පෙරේදා(18) කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කර තිබේ.

දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත් එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් අමාත්‍ය අලි සබ්රි මහතා පවසා ඇත.

ජන සංහාරයක් සිදු වූවා යැයි පවසමින් එල්ල කර ඇති මෙම පදනම් විරහිත චෝදනාව ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මෙම චෝදනාව මෙහෙයවනු ලබන්නේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් සහිත ශ්‍රී ලංකා විරෝධී සුළුතරයක් විසින් බවත් අලි සබ්රි මහතා අවධාරණය කර තිබේ.

 



අදහස් (7)

කැනඩාවට ශ්‍රී ලංකාවේ අප්‍රසාදය

චතුර Saturday, 20 May 2023 01:06 PM

මම නියෝජනය කරන්නෙත් සුළු ආගමිික ජන කොටසක්. කිසිවිටෙකත් ලංකාවේ යුද්ධයේ අවසාන කාල සීමාවේ ජන සංහාරයක් සිදුවුණා යැයි අපි පිළිගන්නේ නැත. ත්‍රස්තවාදීන් නොවේද සාමාන්‍ය ජනතාව පළිහක් කර ගත්තේ... කුරීරු ත්‍රස්තවාදීන් පරාජය කර අපසැමට සාමයෙන් ජීවත් වීමට ජීවිත පූජා කළ ඒ සියලුම රණවිරුවන්ට අපේ ප්‍රණාමය.! කැනේඩියානු අගමැතිතුමනි, නිවැරැදි මිනිස්සුුන් කවුදැයි හඳුනා ගන්න..

:       5       29

ලුම්බිණි Saturday, 20 May 2023 01:46 PM

ඉදිරියේදී පරාදවීමට ඉන්න ජස්ටින් ටෲඩෝ කරලා තියෙන්නේ නොදන්නා දෙයක් කතා කිරීමයි. තමන්ගේ දේශපාලන වාසියට මෙවැනි කතා නොකිව යුතුයි.

:       5       20

රන්මුතුගල Saturday, 20 May 2023 02:29 PM

යුද්දේ ඉවරවෙලා අවුරුදු 14කට පස්සේ මොකෝ මේ ජනසංහාරයක් ගැන මතක්වෙලා තියෙන්නේ...? මෙතුමා ඒ කාලේ ඉස්කෝලේ යනවා ඇති. ළඟදී ඡන්දයක්වත් ඇති...!

:       4       19

rattu Saturday, 20 May 2023 03:26 PM

මොවුන් කැනඩාවේ හිටිය ආදිවාසීන් සමූලඝාතනය කළා. එයාලගේ නිජබිම අල්ලාගත්තා. දැන් ලෝකයට සුදනා වෙන්න හදනවා. මොවුන්ට මේ පව කවදා හෝ ඵලදෙනවා..

:       7       16

1983 දී මරපු දෙමළාSaturday, 20 May 2023 07:16 PM

ඒ ගොල්ලෝ ආදි වාසීන්ව ඝාතනය කළ නිසාද ඔයගොල්ලෝ සුළු ජාතික ජනතාව ඝාතනය කොට ඒ මිනිස්සුන්ගේ වස්තුව කොල්ල කෑවේ 1983දී? යුද්ධයේ අවසන් සති 2 තුළ කොටින්ගෙන් හිරිහැරයට ලක්වී හමුදාවේ ප්‍රදේශවලට ආපු දෙමළ මිනිස්සුන් ලක්ෂයකට වැඩි ගණනක් මරා ගිනි තබා අළුකලේ නුඹලාගේ බියගුළු හමුදාවයි. ඉන්දීය හමුදාව අවසන් සටනට ආවා නම් ශ්‍රී ලංකාවේ හමුදාවේ එකෙක්වත් ඉතිරි නොවන්නට තිබුණා. සිංහල දේශපාලකයින් රටේ මිනිස්සුන්ගේ ඔලුවලට බොරු විෂබීජ දමා දෙමළ සිංහල වෛරයක් ඇතිකළා. දැන් යුද්දේ ඉවරයි කියලා දකුණේ අය බජව් දමනවා. ඒ අතරේ රාජපක්ෂලා කොටි භාණ්ඩාගාරික කේ.පී. ගේ සල්ලි කොල්ලකෑවා... කොටි රත්තරන් බැසිල් හොරකම් කළා. තවම ඉවර නැහැ. අපි මේ සියල්ලම එක්සත් ජාතීන් හමුවේ සාක්ෂි ඇතිවම ඔප්පු කරලා ඒ මුදල් සියල්ල ලංකාවෙන් අයකර ගන්නවා...

:       6       5

චතුර Sunday, 21 May 2023 08:18 AM

අතීතයේ දි අප හැම අතින් ම වැරදි සිදු වු බව නොරහසකි. නමුත් ශීු ලාංකීය ජාතියක් ලෙස අප අපට ම කෙල ගසා ගෙන පලක් නැත. එදා එජාප නායකයන් කල කී දැ සහ අහිංසක දකුණේ ජනතාව උසිගැන්වි ම සිදු නොවිය යුත්තක් ව තිබුනේය. එයින්දෙමල ජනතාව ගේ එක ගැලවුම් කරු බවට LTTE එක පත් විය. ඔවුන්ගේ කුරිරු ත්‍රස්තවාදීය පරාජය කල යුතු විය. දැන් වත් අපට සමගියෙන් කටයුතු කල හැකි නම් රට නව මාර්ගයකට ගත හැක. රාජපක්ෂ පාලනයේ කොතෙකුත් නොහෙබිනා වැඩ සිදු වුවත් යුද්යේ ජය ගත්තෙ ඔවුන් නායකත්වයෙන් සහ විරෝදාර රණවිරුවන් නිසාය. රාජපක්ෂලට නිසි දඩුවම් ලබා දිය යුත්තේ ඔ වුන්ගේ වැරදි වලට මිසක් ත්‍රස්තවාදී පරාජය කිරිමට නොවන්නේය. දේශපාලන සංස්කෘතියේ සහ සමාජයේ හික්මීමක් ඇති වු කලට අපි පතණ සිස්ටම් චෙන්ජ් එක සිදු වේවී.

:       0       0

ජුනයිඩ් නානා Saturday, 20 May 2023 05:56 PM

ජස්ටිං හැමදාම නැටුවේ ආනන්ද සංගරීගේ පදේට. මේ කතාව අලුත් එකක් නෙවෙයි. හැම අවුරුද්දෙම මොකක් හරි කතාවක් කියලා චූන් පාරක් දානවා. මේ දෙන්නා... ජස්ටියයි ගැරියයි...

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site