(නිමල් ජයරත්න)
කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර මඩකළපුව,වාලච්චේන සහ ඕටමාවඩි නගරවල කඩ සාප්පු වසා හර්තාලයක් ක්‍රියාත්මක කළේය.
එල්ටීටීඊ ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබෙන කරුණු සහ කැනඩා රජය ලක් රජයට සිදුකරන අනවශ්‍ය අතපෙවීම්වලටත් විරෝධය පළ කරමින් එම නගරවල වෙළඳසල් 300 කට ආසන්න ප්‍රමාණයක් වසා, කළුකොඩි ඔසවා එම ප්‍රකාශවලට විරෝධය පළ කරමින් මෙම විරෝධය සංවිධානය කර තිබුණි.
කල්කුඩා පීපල්ස් යන සංවිධානය මඟින් එම වසා ඇති වෙළඳසැල් ඉදිරිපිට අත් පත්‍රිකාවක්ද දමා ගොස් ඇති බවත්, මේ වනවිට ඕටමාවඩි හා වාලච්චේන නගර පුරා කළු කොඩි ඔසවා සම්පුර්ණයෙන්ම වෙළෙඳසල් වසා ඇති බව වාලච්චේන පොලිස් ස්ථානාධිපති ලසන්ත බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය,
කැනඩා රජය මගින් ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට සිදු කරන අහිතකර බලපෑම්, නතර කරන ලෙසත්, එල්ටීටීඊ ,ඩයස්පෝරාවේ මගින් ශ්‍රී ලංකාවට සිදුකරන විවිධ අඩත්තේටම් සහ බලපෑම් නතර කිරීමට කටයුතු කරන ලෙසත්, ශ්‍රී ලංකාව සියලු ජනතාවට යුද සමයේදී සේම වර්තමානයේදී මානව හිමිකම් ආරක්ෂා කරමින්, සිංහල, දමිල, මුස්ලිම්, ජනතාවට එකසේ සලකන රටක් බවත්, එම පත්‍රිකාවල සඳහන් වන බවද බුද්ධි අංශ සඳහන් කරයි,
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කැනඩාවට විරෝධය පා මඩකළපුවේ හර්තාලයක්
Jayawewa Friday, 23 June 2023 03:26 PM
අපි ආචාර කරනව සාමූහිකත්වයෙන් ජීවත්වීමට දරණ උත්සාහයට