IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


කැනඩාවට තෑගි දුන් ‘‘ලුසී‘‘ ලෙඩ වී දුක් විඳියි

(විමුක්ති එස් රුද්‍රිගු)

කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව රඳවා සිටින ‘‘ලුසී‘‘ නැමති ඇතින්න ශ්වසන අපහසුතාවයකින් පෙළෙන බව "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය පවසයි.

‘‘ලුසී‘‘, එඩ්මන්ටන් සත්වොද්‍යානය පින්නවල අලි අනාථාගාරය සමඟ ඇති කරගත් හවුල්කාරීත්වය මත 1977 වසරේදී එඩ්මන්ටන් සත්වොද්‍යානයට රැගෙන එන ලදි.‘‘ලුසී‘‘ කැනඩාවට පැමිණෙන විට ඇයගේ වයස වසර දෙකකි.

ශ්වසන අපහසුතාවය හේතුවෙන් ‘‘ලුසී‘‘ හුස්ම ගැනීමට මුඛය භාවිත කරන බවත් මුඛයෙන් හුස්ම ගන්නා පළමු වෙනි ඇතින්න "ලුසී" බවත් "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය ප්‍රකාශ කර ඇත. මුඛයෙන් හුස්ම ගැනීම හේතුවෙන් නිර්වින්දනය කළ නොහැකි බවත් නිර්වින්දනය කළහොත් හුස්ම ගැනීම නතර විය හැකි බවත් "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය පෙන්වා දී තිබේ. නිර්වින්දනය කළ නොහැකි නිසා ප්‍රතිකාර කිරීමට හෝ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීමට සිදුකළ හැකි පරීක්ෂණ සීමිත වී ඇතැයි "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය සඳහන් කර ඇත.

"ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය ‘‘ලුසී‘‘ වෙනුවෙන් 2021 වසරේ සිට පෙනී සිටි සංවිධානයකි. ආසියානු ඇතින්නක් ආර්ක්ටික් කාලගුණයට අනුගත වන්නේ කෙසේදැයි "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය නැගූ ප්‍රශ්නයක් විය. අවසානයේ පසුගිය මාර්තු මස ලෝකයේ ප්‍රමුඛ අලින් පිළිබඳ විශේෂඥයන් හතර දෙනෙක්ගේ  සහභාගීත්වය මත දින තුනක් පුරා පරීක්ෂණ සිදු කරමින් ‘‘ලුසී‘‘ ගේ සෞඛ්‍ය  තත්ත්වය ඇස්තමේන්තු කර ඇති අතර ඉන් තීරණය කර ඇත්තේ ‘‘ලුසී‘‘ ගේ අවිනිශ්චිත ශ්වසන අපහසුතාවය හේතුවෙන් එඩ්මන්ටන් සත්වොද්‍යානයේ සිටිය යුතු බවයි. ඉදිරි මාස කිහිපයේදී තවත් පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර "ලුසී" ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ තත්ත්වයට හැරවීම සඳහා  සත්වොද්‍යානයේ ඇය සිටින ස්ථානය සහ රැකබලා ගන්නා ආකාරය වෙනස් කළ යුතු ආකාරය ගැන  නිර්දේශ කිහිපයක් ද  විශේෂඥයන් ඉදිරිපත් කර ඇත.



අදහස් (5)

කැනඩාවට තෑගි දුන් ‘‘ලුසී‘‘ ලෙඩ වී දුක් විඳියි

wildpictureshare Tuesday, 04 April 2023 03:49 PM

මේක මෝඩ තකතිරු තීරණයක් උශ්ණාධික රටක සිට සීතල රටකට ගෙනයාම.

:       4       50

AB Tuesday, 04 April 2023 06:24 PM

වසර ගණනාවක් සිතල රටක තනිව ජීවත්වූ ලුසීගේ අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහිතව වෙනත් අලින් සිටිනා ට්‍රොපිකල් කලාපයකට තැනකට යැවීම සොබාදහමේ නීතියට ගරු කිරීමකි. බොහෝවිට වෙනත් අලින් සිටිනා ට්‍රොපිකල් කලාපයකට (elephant translocation) යැවීම සිදුඋවහොත් අසනීප තත්වය අඩුවනු ඇත

:       0       5

ජයරත්න Tuesday, 04 April 2023 08:21 PM

මේ අහිංසක සතාව තවත් වේදනාවට පත් නොකර යළි මෙරටට රැගෙන ආයුතුයි.

:       1       5

ලුම්බිණි Wednesday, 05 April 2023 10:29 AM

අඩු වශයෙන් ලෝකයේ ප්‍රමුඛ අලින් පිළිබඳ විශේෂඥයන් හතර දෙනෙක්ගේ සහභාගීත්වය මත දින තුනක් පුරා පරීක්ෂණ සිදු කරමින් ‘‘ලුසී‘‘ ගේ සෞඛ්‍ය තත්ත්වය ඇස්තමේන්තු කරල හරි තියෙනවා. ඒත් මියන්මාරයෙන් බෙල්ලන්විල පන්සලට දුන්නු සතා???

:       2       8

kankanamlage susantha Thursday, 13 April 2023 01:59 PM

දේශගුණික තත්වයන් නොසලකා කරන වැඩවලට දුක් විඳින්නේ සතුන් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 169 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1111 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site