IMG-LOGO

කොන්ක්‍රීට් කුහරයේ සිරවුණු දරුවා මරුට

වියට්නාමයේ, පාලමක් ඉදි කරමින් තිබුණු ඉදිකිරීමේ වැඩ බිමක, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක් තුළ සිරවුණු 10 හැවිරිදි දරුවා බේරා ගැනීමට සහන සේවකයෝ අපොහොසත් වූහ.

සහන සේවකයන් නිවේදනය කළේ සිවු දිනක් තිස්සේ ඩොංග් තාප් පළාතේ, මීකොංග් ඩෙල්ටාවට නුදුරින් වැඩබිමේ කොන්ක්‍රීට් කුහරයේ සිරවී සිටි තායි ලී හාඕ නාම් නැමැති දරුවා මියගොස් ඇති බවය.

ඩොංග් තාප් පළාතේ ආණ්ඩුකාරවරයා ද නිවේදනයක් නිකුත් කරමින් දරුවා මියගිය බව දන්වා තිබේ. පසුගිය දින කීපය පුරාවට දරුවා බේරා ගැනීමට දැඩි උත්සහයක යෙදුණු බවත්, දිවා රෑ නොබලා සහන සේවකයන් දරුවා බේරා ගැනීමට කළ හැකි සියලු දේ කළ බවත් ඩොංග් තාප් පළාතේ ආණ්ඩුකාර ඩොආන් තාන් බූ මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

තායි ලී හාඕ නාම් වැටුණේ සෙන්ටි මීටර් 25 ක් පළල කුහරයකටය. දරුවා පාලම බදි කිරීමේ වැඩ බිමට පැමිණ ඇත්තේ පරණ යකඩ සොයමින් යැයි පසුව අනාවරණය විය.

තායි ලී හාඕ නාම් දිළිඳු පවුලක දරුවකු බව වියට්නාම් පුවත් සේවා වාර්තා කර තිබේ.

(රොයිටර්)



අදහස් (1)

කොන්ක්‍රීට් කුහරයේ සිරවුණු දරුවා මරුට

sharm warn Thursday, 05 January 2023 11:02 AM

ඔය කොන්ක්‍රීට් වල කුලියට ගණන් බැරිද?අර දියවන්නාවේ ඉන්න හරක් සෙට් එකක් ඒ පැත්තට දක්කලා යවන්න ?පින් තියන හැටියට ආපහු එන්නේ නැතැයි

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 659 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site