IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කාදිනල්ගේ පෙත්සමට සංශෝධන ඉදිරිපත් කරන්න අවසර

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

ඉරුදින පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් පියතුමා විසින් මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

කාදිනල්ගේ පෙත්සමට සංශෝධන ඉදිරිපත් කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site