IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කතා පවත්වා සංචාරක කර්මාන්තය දියුණු කරන්න බෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජය සහ මහ බැංකුව එක්ව සංචාරක ක්ෂේත්‍රය ගොඩනැංවීම සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අධික බැංකු පොලිය ගෙවා ගන්නට බැරිව සංචාරක ක්ෂෙත්‍රය  කඩා වැටී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

රටට ජාතික සංචාරක ප්‍රතිපත්තියක් නැතැයි කී හේරත් මහතා  තවමත් ආණ්ඩුව එය හදන්නේ නැතැයි ද  සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියන්නේ හෝටලයක් විවෘත කර එතැනදි කතාවක් පැවැත්වීම නොවේ යැයිද විජිත හේරත් මහතා පැවසීය.

සංචාරක කර්මාන්තයේ කඩාවැටීමට හේතුව රටේ පාලකයන් බවද මන්ත්‍රීවරයා කීය.

ආණ්ඩුව පළමුවෙන්ම කළ යුත්තේ මහ බැංකුව සමග සම්බන්ධ වී පොලී පිට පොලී වැඩි කිරීම නොව පොලිය කපා හැර හරිනම් ගත්ත ණයත් කපා හැරීම බව පැවසීය.



අදහස් (7)

කතා පවත්වා සංචාරක කර්මාන්තය දියුණු කරන්න බෑ

මැක්ස් Tuesday, 22 August 2023 04:01 PM

ඔව් ඔව්. වැඩ වර්ජන මෙහෙයවලා, රට ගිනි තියලා, පිටරට මිනිස්සුන්ට මේ රට එපා කරවන පුවත් මවලා, සූර් වෙලා ගිහින් වාහනේ ලයිට් කණුවල හප්පලා වගේ දේවල් කරලා තමයි සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්...

:       1       2

කිරිපුතා Tuesday, 22 August 2023 04:25 PM

එහෙමනම් පිටකොටුවේ, ලිප්ටන් වට රවුමේ, ගුවන්තෙටුපල ළඟ පාරවල් අවහිර කරගෙන දවස් ගණන් විරෝධතා ව්‍යාපාර පවත්වමු. අර අනතරේ ඉන්න අඳ බාලයින් ටිකට කිව්වා නම් ටක් ගාලා පාරට බහී...

:       2       2

[email protected] Tuesday, 22 August 2023 04:46 PM

''පොළිය කපාහැර ගත් ණයත් කපා දැමීම'' එහෙම කරන්න තරම් රටට සල්ලි තියෙනවද? ඕක නම් මෙයාලාගේ ප්‍රතිපත්තිය රටේ මිනිස්සුන්ට හොම්බෙන් තමයි යන්න වෙන්නේ... "බලය ලැබුණොත්..."

:       2       3

damian fernando Tuesday, 22 August 2023 05:33 PM

ඔව් ඔව් කතා පවත්තලා හරියන්නේ නෑ. ගිනිතියන්න ඕනෑ, මංකොල්ල කන්න ඕනෑ. මිනී මරන්න ඕනෑ. තව එයාපෝට් එකේදී ටුවරිස්ට්ලා යන එන වාහන මැරයෝ දාලා කඩු අරගෙන චෙක් කරන්න ඕනෑ. එතකොට මේ රටේ ටුවරිස්ට්ලා පිරෙයි. සල්ලි ගලාගෙන එයි. අනේ මහත්තයෝ ටුවරිසම්වලින් ජීවත් වෙන හැටි අපි දන්නවා... තමුන්ලාගේ කෙරුවාවල් හින්දා වින්ද දුක...

:       2       3

prasanna Tuesday, 22 August 2023 09:18 PM

ඒක සහතික ඇත්ත .පරපුර උද්ඝෝෂණ මාලාවක් පටන් ගත්තානම් පුළුවන් .අනේ පල

:       2       3

pj Wednesday, 23 August 2023 01:46 AM

සම්පුර්ණ ඇත්ත. ඔයාල දන්න දවසේ ඉඳලම දශක ගණනාවක් තිස්සේ කරන්නෙ බොරු පුහු කතා විතරයි. කර්මාන්තයකටවත් රටටවත් කාටවත් ඉන් වුන සෙතක් නැහැ.

:       2       3

Bamunuarachchi Wednesday, 23 August 2023 08:26 PM

එහෙනම් ගොයියෝ කථා පවත්වලා අනුන්ගේ වැරදි පමණක් කියා චන්දෙ ගිනන්නත් බැහැ කියලා මතක තියා ගනින්. අපි උඹලගේ කතා අහලා උඹලට චන්දෙ දෙන්නේ නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site