IMG-LOGO

කතා කරන්න නොදෙන බව කියමින් ජී.එල් ජාත්‍යන්තරයට යයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13 දෙනාට පාර්ලිමේන්තු කතා කාලය ලබා නොදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම්වලට පැමිණිලි කළ බව පොදුජන පෙරමුණේ  පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අදාල මන්ත්‍රීවරුන්ගේ දහතුන් දෙනාගේ අත්සන් සහිතව අන්තර් පාර්ලිමේන්තු සංවිධානයේ මහලේකම්ට මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයාට මේ පිළිබඳව පැමිණිලි කළ බවද ජී.එල් පීරිස් මහතා කීය.

අගොස්තු 22 වැනිදා සිට දවස් විසි දෙකක් තිස්සේ මේ තත්ත්වය දිගින් දිගටම පවතින බව කී පීරිස් මහතා  මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකුගේ  කතා කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම අහිමි කර තිබෙන බවද කීය.

 මේ ප්‍රශ්නය විසඳන්න කතානායකවරයා උත්සාහ කළ නමුත් වෙනත් බලවේග නිසා ඒ උත්සාහයන් ව්‍යර්ථ වුණ බවද ජී .එල් පීරිස් මහතා කීය.



අදහස් (4)

කතා කරන්න නොදෙන බව කියමින් ජී.එල් ජාත්‍යන්තරයට යයි

kapila Thursday, 22 September 2022 01:42 PM

GL හොදටම රගපානවා

:       0       4

පිංතේරිස් Thursday, 22 September 2022 06:45 PM

ලොක්කො තමුන්නැහේ පාර්ලිමේන්තුවට ආවේ පොහොට්ටු කාරයෙක් හැටියට නම් තමුන්ට කාලය ලැබෙන්නේ පොහොට්ටු පැත්තෙන්... එතැනින් ගියාම ඒක ලැබෙන්නේ නැහැ කියලා 1988 සිට පාර්ලිමේන්තුවේ සිටින මහ ඇදුරෙක් වන තමුන්නැහැට තේරුම් ගැනීමට බැරිද අනේ...! නැත්නම් දැන්වත් මිනිස්සු ගොනාට ඇන්දවීම නවතා රට ගොඩගන්න ක්‍රමයක් හදන්නකෝ...

:       0       0

විපරමා Thursday, 22 September 2022 06:51 PM

චන්ද්‍රිකාගේ කාලේ ඉඳන් එහෙට මෙහෙට පැනපැන ඇමැතිකම් අරගෙන බලයේ එල්ලිලා හිටපු තමුන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       0

sam Friday, 23 September 2022 06:11 AM

ජී.එල්. වපුරපු විදිහටම අස්වැන්න ලැබිලා. ඕකට කියන්නේ කර්මෙ කියල ඔබ කළ වැරැදි මගඩිවලට මේ ආත්මේදීම පඩිසන් දීගෙන එන්නේ. නියමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 511 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 690 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 280 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site