IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කතරගම රන් තැටියේ සිද්ධියට ගිය සී සී ඩී ය හිස් අතින් එයි

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන්  කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධූරය හොබවන සොමිපාල ටි රත්නායක හා එම දේවාලයේ භාරකරු ලෙස  කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට ගියද ඔවුන්  පදිංචි නිවෙස්වල නොසිටීම හේතුවෙන් එහි ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ  පොලිස් නිලධාරීන්ට හිස්  අතින් පැමිණීමට සිදුවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය

ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ගිය බවත් පැමිණි පසු ඒ බව දැනුම් දෙන බව  නිවෙස් හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසයේ  ඒකකයබාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් පි පි ජේ නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමට පවසා තිබූ බව ජෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන  සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ගේ බිරිඳවන අබේසිංහගේ නිසංසලා නමැත්තිය සිය පුතුගේ අපල දුරු වීම සඳහා ඔහුගේ නම  කොටා ,අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙස  පවුම් 38 ක බරකින් යුත් රන් තැටියක් සාදා 2019 ජූලි මස 3 වෙනි  දින  කතරගම මහා දේවාලය වෙත  පූජා කර තිබිණි

 



අදහස් (2)

කතරගම රන් තැටියේ සිද්ධියට ගිය සී සී ඩී ය හිස් අතින් එයි

Rata Perata Tuesday, 12 December 2023 07:47 PM

මැදමුලනේ ගෙදර බලන්න. කඩුත් එක්කම හම්බවෙයි...

:       3       2

ravin Tuesday, 12 December 2023 09:26 PM

දෙවියන්ගේ දේ හොරකම් කරපු අයටත් එහෙනම් දෙවියෝ බැලුවා...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site