(කේ.ඩී.දේවප්‍රිය)
කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමිව සිදු කරන පැරණි චාරිත්‍ර රැසක් අද දින සිදු කෙරිණි.
දුටුගැමුණු රජ දවසේ පටන් පවත්වා ගෙන එනු ලබන බස්නායක නිළ මැඳුරේ ඇති ගොම මැටි ගෑ බිමේ සිදු කරන දාන පිංකම දින බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් මහා සංඝයා වහන්සේලා වෙත පිලිගැන්වීම සිදු කරන ලදී.
දාන පිංකම සදහා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිති කොබවක ධම්මින්ද හිමි. කතරගම ශ්‍රීි අභිණවාරාම විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණ තිස්සහිමි. තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමි. සිතුල්පව්ව රාජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති මැටරඹ හේමරතන හිමියන් වැඩම කර සිටියහ.
මෙයට අමතරව දේවාලය ඉදිරිපිට වු කොළ අතු පන්දළම නව කොළ අතු දමා අලුතින් සකස් කිරිම ද සිදු විය. දේවාලයේ පෙරහැරේ ගමන් ගන්නා වාසනා හස්තියා ප්‍රමුඛ අලි ඇතුන් සම්බන්ද කර ගනිමින් ඩිෂාන් ගුණසේකර මහතා එක් ව ප්‍රථම දඹ කොළ අත්තක් දේවාලයේ වාසනා හස්තියා වෙත ලබා දිමෙන් අනතුරුව අතු පන්දළම සකස් කිරිම සිදුවිය.
දුටුගැමුණු මහා රජතුමාට යුද්ධයේ දි උපකාර කල කඩොල් ඇතුගේ දළ යුගල මහජන ප්‍රදර්ශනයට දේවාලයේ ඇතුල් මාලිගයේ සිට එළියේ මණ්ඩපයට වෙත තැම්පත් කිරිමද සිදුවිය. අද දින 2022 ඇසළ මංගල්‍යයේ පෙරහැරේ බස්නායක නිළමේ වරයා ප්‍රථමයෙන් ගමන් ගන්නා දිනය වීම ද විශේෂීිත වේ .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කතරගම පෙරහරේ පුරාණ චාරිත්‍ර රැසක් ඉටු කරයි