
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෘතිම පාදයේ සඟවා හොරයින් මත්කුඩු සඟවා ජාවාරමේ යෙදුණු පුද්ගලයකු අද (27) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
එම සැකකරු කෘතිම පාදයේ සඟවා තිබූ හොරයින් මත්කුඩුද පොලිස් භාරයට ගෙන ඇත.
දකුණු පාදයට කෘතිම පාදයක් සවිකල හෝමාගම මුණසිංහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.දින කීපයක් එම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමට අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් අවේක්ෂණ රාජකාරී යොදවා සිදු කළ සොයා බැලීමේදී ඔහු කෘතිම පාදයේ සඟවාගෙන මත්කුඩු ජාවාරම සිදු කරන බවට තහවුරු කර ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි
ඒ අනුව ජාවාරම්කරු මත්ද්‍රව්‍ය රැගෙන නිවස කරා පැමිණෙන බවට කහතුඩුව පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් වහා ක්‍රියාත්මක වී හෝමාගම මුණසිංහගම හන්දිය ප්‍රදේශයේ රැකවල්ලා පැමිණෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී කෘතිම පාදයේ පහළට නෙරා ඇති කුහරය තුළ සඟවා තිබූ මත්කුඩු මුල සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
815
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1771
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෘතිම පාදයේ සඟවා හෙරොයින් ජාවාරම් කරලා