IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කතුන් දෙදෙනා වෙරි මරගාතේ කොස්තාපල්ට පහරදීලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ ,ග්‍රෙගරි පාර ආසන්නයේ  කාර් රථයක් නතර කරගෙන ඊයේ ( 5)මධ්‍යම රාත්‍රී 12 .00 පමණඑම කාර් රථය තුලට වී මත්පැන් පානය කරමින් සිටියේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු විසින්පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීම නිසා ඔහු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.

වෙරි  මරගාතේ පොලිස් කොස්තාපල්වරයා ට පහර දුන්නේ යැයි කියන කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කාර් රථය ද පොලිස්  බාරයට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13 සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30ක සහ අවුරුදු 43 ක වයසේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ  රාජකාරි කරන මෙම පොලිස් කොස්තාපල්වරයා තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු සමඟබීමතින් රිය පදවනරියදුරන් අල්ලා ගැනීමේ මෙහෙයුමක නිරතව සිට ආපසුපොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.

 

 

 



අදහස් (3)

කතුන් දෙදෙනා වෙරි මරගාතේ කොස්තාපල්ට පහරදීලා

sam Monday, 06 November 2023 10:59 AM

බීමතින් වාහනයක් පැදවීම සහ නවත්වා තිබෙන වාහනයක් තුළ මත්පැන් බීම කියන දෙක අතර ලොකු වෙනසක් තියනවනේ...!

:       6       25

Jeganathan Dhayalan Monday, 06 November 2023 06:22 PM

රථ වාහන පොලිසියේ රාජකාරිය විය යුත්තේ රථ වාහන තදබද හා අවම කිරීම හා මාර්ග නීති උල්ලංගණය කරන රියදුරන්ට නීතිමය පියවර ගැනීම මිස කෙසේ හෝ දඩයක් ගැසීම ස‍දහා වැරදි හොයන එක නෙවෙයි. බීමතින් වාහන පැදවීම අවම කිරීමට පුළුවන්නම් ලංකාවේ තිබෙන බාර් සහ රෙස්ටුරන්ට් එකකට පොලිස් නිලධාරි කෙනෙකු බැගින් බත් කරපල්ලා. උඹලාට අරක්කු විකුණන්නත් ඕන. බීලා යන අයව අල්ලලා දඩයක් ගහන්නත් ඔ්නෑ...

:       1       0

Bamunuarachchi Monday, 06 November 2023 07:04 PM

මේ රටේ නම් බීමතින් ඉන්න කෙනෙක් වාහනේ රැගෙන යාමත් වරදක්... මොකද බීපු එකා ගමනේදී මොන ජංජාලයක් කරයිද කියලා ෂුවර් නැති නිසා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 97 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site