IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කතුන්ට වූ අපරාධ ගැන ලියූ පිටුවලින් පිළිරුවක්

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා කටයුතු කරන Women In Need (WIN) සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (08) පිටකොටුව බෝ ගහ අසලදී පැවැත්විණි.

"Masterpiece of Abuse" යනු හිංසනය පිළිබඳව සහ හිංසනයේ ගොදුරු බවට පත් වී ඉන් ගැලවුණු කාන්තාවන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම අරමුණු කරගෙන, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නිරාවරණය කරනු ලබන මූර්තියක් වන අතර කාන්තාවන්ට මුහුණ දීමට සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ අපයෝජනයන් පිළිබඳ කරුණු ඇතුළත් පුවත්පත් පිටු යොදාගෙන මෙම මූර්තිය නිර්මාණය කර තිබේ.

කාන්තා දිනයේදී පමණක් මාධ්‍යයන් හි කතිකාවට ලක්වන සුබපැතුම් හා බලගැන්වීමට වලට වඩා ප්‍රබල ලෙස ‘අත්හැරීමේ කලාව’ (forsaken art) මගින් වසර පුරා අපයෝජනයට හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ යථාර්ථය සමාජයට නිරූපණය කිරීම මෙහි අපේක්ෂාව විය.

දිවයින පුරා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන මෙම ගැටලු මෙන්ම, ඒවාට මුහුණ දුන් කාන්තාවන් එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන දුෂ්කර අභියෝගයන් පිළිබඳව මෙහිදී ජනතාවගේ අවධානයට යොමුකෙරිණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (0)

කතුන්ට වූ අපරාධ ගැන ලියූ පිටුවලින් පිළිරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site