(යොහාන් භාසුර)
සංචාරක ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව මේ මස 29 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඬුකාර තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන සොනාල් දිනූෂ ඇතුළත් කර තිබේ.
වමත් පිතිරුවෙක් මෙන්ම වමතින් දඟ පන්දු යවන්නෙක් වන 24 හැවිරිදි සොනාල් දිනූෂ පළමු පෙළ තරග 44 කට ක්‍රීඩා කර තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, සොනිල් දිනූෂ, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩසේ, නිෂාාන් පීරිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ මිලාන් රත්නායක
පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කා
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෝඬුකාර සොනාල් ටෙස්ට් සංචිතයට එයි
පම්පෝරි ජනක Friday, 24 January 2025 04:45 PM
අපේ පළපුරුදු පළමු පෙළ ක්‍රීඩකයින් ගොඩක් ඉද්දී මෙයා කොහොමද එක පාරටම උඩින් ටීම් එකට ඇවිල්ලා තියෙන්නේ?
pjSaturday, 25 January 2025 07:38 AM
අපේ රට පාලනයට පළමු පෙල දක්ෂ අය සිටියදීත් කොහොමද එක පාරටම හාල්පාරුවෝ ටිකක් කඩා වැටුනේ..? පළපුරැද්ද ඕනෑ නැහැ කියලා 69 ලක්ෂයක්ම කියන නිසා මෙයාටත් වැඩ පෙන්නන්න ඉඩක් දීලා බැරිම වුනොත් කෙළවාගමු.
gamageSaturday, 25 January 2025 06:34 PM
පලපුරුදු අය කළ හරිය තමයි අද රට තියන තත්වේ..
ගුණරත්න Saturday, 25 January 2025 08:17 AM
පළපුරුදු ක්‍රීඩකයෙක් කියලා රෝයි ඩයස් මහත්තයා ආපහු ටීම් එකට ගන්න බැහැනේ...!
fairoosSaturday, 25 January 2025 11:10 AM
මාලිමාවේ කෙනෙක්? ඇයි අවුල්ද?
Prabashwara Saturday, 25 January 2025 07:34 PM
ඔහුගේ තරග තොරතුරු බලලා අදහස් පළ කළේ නම් වටිනවා. අවශ්‍ය අය cricinfo වෙබ් අඩවිය පිරික්සන්න.