(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා පැවසුවේ පළුදුවූ දුගඳ හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු මාළු වර්ග ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම් බවට සඳහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩ බෑමට තීරණය කිරීම ප්‍රශ්න සහගත බවයි.
පොහොර සෑදීම සඳහා මෙම මාළු තොගය ගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය සැමන් නිෂ්පාදනයවීම හේතුවෙන් සැකයක් මතුවන බවද මෙහිදී සඳහන්
විය.
කෙසේ වෙතත් රේගු නිලධාරීන් මෙහිදී පැවසුවේ මෙම මාළු සැමන් සෑදීම සඳහා යොදා නොගත් බවට නිලධාරීන් සාක්ෂි දරන බවයි.
ශ්‍රී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා මාළු කන්ටේනර 102ක්( මාළු මෙට්‍රික් ටොන් 2700කට අධික) ප්‍රවාහනය කරන නෞකාවක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී කාර්මික දෝෂයකට ලක්වී නෞකාවේ විදුලිය බිඳ වැටීම හේතුවෙන් මාළු නරක්වී ඇති බව පැවසේ. ඒ අනුව නැව 2022 ජනවාරි 13 දින කොළඹ වරායට ළඟාවීමෙන් පසු අලුත් වැඩියා කටයුතු නිම වී පිටත්වීම වෙනුවට මෙම බහාලුම් මෙරටට ගැනීමෙන් ගැටලු රැසක් මතුවී ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නැවක් ආපදාවට ලක්වූ විට උපකාර කිරීම කිසිදු ගැටළුවක් නැති වුවද මෙහිදී සිදුව ඇත්තේ එවැනි දෙයක් නොවන බව කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතා පැවසීය. මෙම මාළු තොගය රටට ගැනීම පරිසරයට හා ජීවිතවලට තර්ජනයක් බවත් මිනිස් පාරිභෝජනයට මෙම මාළු යොදා ගන ඇත්ද යන්න පිළිබඳව සැකයක් මතුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
එම කන්ටේනර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රේගු නිලධාරීන් ඉතා උනන්දුවකින් ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන්නේ යයි පැවසූ සභාපතිවරයා එම උනන්දුව අනෙකුත් කටයුතු සඳහාද තිබිය යුතු බව ප්‍රකාශ කළේය
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුණු මාළු කන්ටේනර් ගැන සීඅයිඩී පරීක්ෂණයක්
Lal Monday, 25 March 2024 07:07 PM
රේගුව කියන්නේ හොරු...
අරවින්ද මොනරවිල Monday, 25 March 2024 07:24 PM
අපි ඕනෑම කුණු ගොඩක් බාර ගන්න ජාතියක් කියලා නැව් සමාගමේ අය දැනගෙන ඉන්න ඇති...
abeygunasekarasampath95 Monday, 25 March 2024 08:06 PM
චීන කුණු සැමන් තොගයක් බාරගත්තා මතක කාටද? අපිට චීනෙන් උදව් කරනවා... විරුද්ධ වෙන්න බෑ... කියලත් කිව්වා කවුදෝ කෙනෙක්...
Nimal Monday, 25 March 2024 08:34 PM
මේවා අහනකොට ඇඟේ මාළු නටනවා