IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කුණු අල කිලෝ 45,000ක් දඹුල්ලේ ගබඩාවකින් මතු වෙයි

(කාංචන කුමාර ආරියදාස)

මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 45,000කට අධික ප්‍රමාණයක් දඹුල්ල ගබඩාවක සිද්ද කරමින් තිබියදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් සොයාගනු ලැබීය.

මෙම අල සුද්ද කර සොටීස් (කෙටිකෑම) පිළියෙළ කිරීම සඳහා හෝටල්වලට බෙදා හරින බවට තොරතුර හෙළි කර ගැනිමට හැකි විය. ඉන්දියාවෙන් ගෙන් වු බව කියන මෙම අල තොග කාන්තාවන් යොදවා සුද්ද පවිත්‍ර කර රට පුරා බෙදා හැර ඇතැයි ද නගරාධිපතිවරයා කියා සිටියේය.

කාන්තාවන් 25 දෙනකු පමණ එම අල පිරිසිදු කරමින් සිට ඇත.

නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරයා එම ස්ථානයට ගමන් කරනවාත් සමග සේවයේ යොදවා සිටි කාන්තාවන් හිස් ලූ ලූ අත දිව යන්නට විය. කෙසේ වෙතත් නගරාධිපතිවරයා එම සේවයේ යෙදෙමින් සිටි කාන්තාවන්ට කියා සිටියේ තමන්ට ගැටලුවක් නොවන නිසා දිව යෑමෙන් වළකින ලෙස ය.

විශාල ගබඩාව තුළ අර්තාපල් අල බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 



අදහස් (10)

කුණු අල කිලෝ 45,000ක් දඹුල්ලේ ගබඩාවකින් මතු වෙයි

David Monday, 29 November 2021 08:21 AM

නගරාධිපතිතුමාගේ රංගන හැකියාව නම් උපරිමයි.. පාර්ලිමේන්තු යන්න හොඳ උත්සාහයක්.. අවුරුද්දට දෙතුන් පාරක් මේ වගේ සංදර්ශන අපි දකිනවා.. අත යටින් පගා ගහලා බොරු සිංහවෙස් ගන්න හැදුවාට කොටළු ගති අරින්න බෑ..

:       2       25

Hafeel Monday, 29 November 2021 08:40 AM

අනේ රටට ගිය කලක්... හැමතැනම කුණු, මුහුදේත් කුණු නැවක්, ගොඩ බිමේත් කුණු...

:       0       14

BamunuarachchiTuesday, 30 November 2021 09:36 AM

ඔය කුණු බිස්නස් කරන්නේ ගම්මිරිස් හොයාගෙන ලංකාවට ආපු අයම තමයි.

:       0       0

kamal Monday, 29 November 2021 11:02 AM

මේ ටික නැවත හිටෙව්වොත් මීට වඩා වැඩක් වෙයි වගේ... නමුත් හිටෝලා කනවට වඩා ගෙන්නවලා කෑම ලාබදායකයිනේ...

:       0       23

Sam Monday, 29 November 2021 03:02 PM

හා හා, ලොක්කා අපට ඕගනික් කවන්න හදනවා...

:       1       10

Hettiarachchi Monday, 29 November 2021 07:51 PM

දැන් කෘෂිකර්ම ඇමති කියයි පැල වුන අල කෑවම කොවිඩ් හැදෙන්න නැහැ කියලා

:       0       0

විපරමා Tuesday, 30 November 2021 04:49 AM

රටේ මිනිස්සුන්ට කන්ඩ නැහැ. බඩු මිළ ඉහටත් උඩින්... ඒ මදිවාට නාස්තිය... බෙදාහැරීමේ කිසිම පිළිවෙලක් නැතිකම... හෙන ගහන වැඩ... දියවන්නාවේ ඉන්න අයට කවන්‍ඩයි වටින්නේ..

:       0       0

ගජමිතුරු Tuesday, 30 November 2021 06:26 AM

මුං ඇට වගේ දේවල් පැල කරලා කෑවාම පෝශ්‍ය ගුණය වැඩියි කියනවා නේද? එහෙනම් අලත් පැල කරලා කෑවම මොකද වෙන්නේ? වරායට පැමිණි නැව් මාසයක් හමාරක් භාණ්ඩ ගොඩ නොබා රඳවා සිට ගෙනාවාම පැලවෙන්න පුළුවන්...

:       0       0

යෝගා Tuesday, 30 November 2021 07:48 AM

හැමතැනම කෙටිකෑම අස්සේ තියෙන්නේ බාගෙට බාගයක් ජරාව තමයි.

:       0       0

Ajith Tuesday, 30 November 2021 11:18 AM

මේ අල ෂෝට් ඊට්ස් ගහන්න නම් අවුලක් නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site