(කේෂර ගුණතිලක)
දොඹගහවෙල මහරාවේ නිවසක වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණුවක් හිසමතට වැටී දස හැවිරිදි පාසල් දරුවකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට රිදීගම පදිංචි එම්.ඒ වෙනුර චින්තක (10) නැමති පාසල් ශිෂ්‍යයෙකි.
මෙම ළමයා සිය පියා සමඟ පියාගේ ගම වන දොඹගහවෙල ඌරුගොඩ ගම්මානයට පැමිණ ඇති අතර ළමයා මහරාව හංදිය ප්‍රදේශයේ පදිංචි ළමයාගේ නැන්දාගේ නිවසේ නතරකොට පියා අසල පිහිටි ගරාජයකට ගොස් ඇත.
නැන්දා ළමයා සමඟ මල්වර මංගල්‍යයක් පවතින ගමේ ඥාති නිවසකට ගොස් ඇත්තේ උදව්කිරීම සඳහාය.
ළමයා එම නිවසේ වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණු දෙකක් අතර ඔන්චිල්ලාවක් ආකාරයෙන් බැඳි තංගුස් දැලක වාඩිවී තවත් ළමයන් කිහිපදෙනකු සමඟ එය පදිමින් සිටියදී එකවරම එක් කොන්ක්‍රීට් කණුවක් ගැලවී දරුවාගේ හිස මතට වැටී තිබේ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කණුවක් වැටී සිසුවා මරුට