IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුඩු කතට උදව් කළ පොලිස් පරික්ෂක මාට්ටු

(කේ. බුද්ධික කුමාරසිරි)

පූගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවකට මත්ද්‍රව්‍ය ජාවාරම සදහා අනුබල දීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු අත් අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා පූගොඩ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවය කළ සමයේදී එම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ කාන්තාවකට එම මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රවර්ධන සදහා අනුබල දී ඇති බවට අත් අඩංගුවේ පසුවන සැකකාරියකගෙන් ලද තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ගෝනහේන විශේෂ කාර්ය බළකා කදවුරේ සේවය කරමින් සිටි අඹගස්වැව හිරියාල බක්මීවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 40 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි.

 



අදහස් (0)

කුඩු කතට උදව් කළ පොලිස් පරික්ෂක මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site