IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කීඩෑ උවදුරකින් හානි වූ අක්කර ගණනක ගොයම් ගිනි තියති

(නිමල් ජයරත්න)

හඳුනා නොගත් රෝගයකින් සහ කීඩෑ උවදුරකින් හානියට පත්ව තිබෙන අක්කර ගණනාවක වී වගාව ගිනි තබා විනාශ කර දැමිමට අද (15) මහවැලි බී කලාපයේ දිඹුලාගල පැලෑටියාව ගොවීහු කටයුතු කළහ.

මගුල්දමන, පැලෑටියාව, කලුකැලේ, දිඹුලාගල, පහලඇල්ලේවැව ඇතුළු අවට කෙත් යායවල් රැසකට මෙම හඳුනා නොගත් රෝගය සහ කීඩෑ උවදුර සීඝ්‍රයෙන් පැතිරයාමත් සමඟ ගොවි පවුල් රැසක අකක්ර 10,000 ක් සම්පුර්ණයෙන්ම හානියට පත්ව ඇති බව මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ පැවසුහ.‍

වී වගාවට පැතිර යමින් පවතින මෙම හානියත් සමඟ තම ණය ගෙවා ගැනිමට නොහැකිව එළඹෙන අවුරුදු උදාවේ දරුවන්ට අලුත් ඇදුම් අරං දී කිරිබත් කෑල්ලක්වත් කෑමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද ගොවිහු පවසති.

අනෙකුත් යායවල් වලට හදුනා නොගත් මෙම රෝගය සහ කීඩෑ උවදුර පැතිරයාම වලකා ගැනිමක් ලෙස තමන් බොහෝ ක්‍රම අනුගමනය කලද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොමැතිව වී වගාව සම්පුර්ණයෙන්ම හානියට පත් වු බැවින් තම යායේ ගොවින් සියලු දෙනා වී වගාවට ගිනිතබා විනාශ කිරිමට තිරණය කල බව පැලෑටියාව ගම්මානයේ පස්දරු පියෙකු වු 71 වියැති ඩබ්ලිව්. ජයරත්න මහතා මහත් වේදනාවකින් යුතුව අප සමග සදහන් කළේය.

ගොවින් මුහුණ පා සිටින තත්වය පිලිබදව අප පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගෙන් කල විමසිමකදි ඔහු මෙලෙස සදහන් කලේය.

දැනට කීඩෑ උවදුර නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 25,000 ක් පමණ හානි වෙලා තියෙනවා මෙයින් අක්කර 500 කට වැඩියෙන් සම්පුර්ණයෙන් විනාශවෙලා තියෙනවා. ගිරිතලේ , කවුඩුල්ල, මින්නේරිය යන ගොවිජන පදවලින් තමා වැඩියෙන් මේ විනාශය වාර්තා වන්නේ මම මේ සම්බන්ධව ගොවිජන කොමසාරිස් දැනුවත් කරලා හානියට පත් වී වගාව සම්බන්ධව සම්පුර්ණ වාර්ථාවක් ගන්න උපදෙස් දීලා තියෙනවා. මේ ගැන කෘෂිකර්ම බලධාරින් දැනුවත් කරලා ඉදිරියේදි ගොවින්ට වන්දි ලබාදිමේ ක්‍රමයක් ආරම්භ කිරිමට ඒ අනුව කටයුතු කරනවා මමත් හාණියට පත් වී වගා සම්බන්ධයෙන් පරික්ෂා කරන්න යායවල් කිහිපයකට ගිය බවද ධර්මසිරි මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (3)

කීඩෑ උවදුරකින් හානි වූ අක්කර ගණනක ගොයම් ගිනි තියති

Sue Sunday, 15 March 2020 10:46 AM

මෙය අලුත් දෙයක් නෙවෙයි... ප්‍රශ්නය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිහඬයි... හේතුව වැඩකළත් එකයි, නැතත් එකයි... වැටුප ලැබෙනවා.

:       0       86

kumar (gulf) Sunday, 15 March 2020 12:46 PM

අර "අතන මෙතන රතන" හාමුදුරුවන්ට කීවා නම් දෙයි මේවාට පිළිතුරක්...

:       1       216

රාහුල Monday, 16 March 2020 02:03 AM

ඊයේ අතන, අද මෙතැන, හෙට කොතැන...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site