IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුඩු අල්ලන්න ගිය පී.සීට වෙලේ සුදාගේ සහෝදරයාගෙන් පිහි පහර

(බී.ජානක)

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු  අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව බඩෝවිට පොලිස් මුරපොලේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු මුරපොලේ ස්ථානාධිපතිවරයා සමග බඩෝවිට 3 වන අධියරේ අද (15) පස්වරුවේ මෙම වැටලීම් ගොස් ඇති අතර මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි වෙළේ සුදාගේ සහෝදරයාබව කියන පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහරදී  ඇත.

පොලිස් කොස්තාපල්වරයාගේ උදරය හා වැමිට ප්‍රදේශයට තුවාල සිදු වී ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධියෙන් පසු සැකකරු පළා ගොස් ඇති අතර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

 



අදහස් (4)

කුඩු අල්ලන්න ගිය පී.සීට වෙලේ සුදාගේ සහෝදරයාගෙන් පිහි පහර

පිටරටවැසියා Saturday, 15 March 2025 08:49 PM

ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?

:       1       7

dds Saturday, 15 March 2025 09:06 PM

දැන් තියෙන්නෙ තමන්ගෙ ආණ්ඩුව නෙමේ කියල අමතක වෙන්නැති අහිංසකයට!

:       5       15

පැරකුම් Sunday, 16 March 2025 05:43 AM

ඇයි ඉතින් ඒ එක්ක හිටපු ස්ථානාධිපතිද මොකාද උඩ බලන් හිටියෙ. අතේ ආයුධයක් තිබුනෙ නැද්ද. ඇයි අපේ පොලිසියට මෙහෙම නිගා කරන්නෙ

:       2       9

බකල ජයාSunday, 16 March 2025 01:49 PM

කවුද, කව්ද අපේ පොලීසියට නිගාකරන්නෙ? ආ පොලිසියමද? එහෙනම් කමක් නෑ.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site