(ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)
ප්‍රංශ පොලිසිය අත්අඩංගුවට ගත් රත්මලානේ කුඩු අංජු නැමැත්තා මෙරටට පිටුවහල් කිරීමෙන් වළක්වා ගැනීමට ඔහුගේ අනියම් බිරිඳ බව කියන ප්‍රංශ ජාතික සුරූපිනිය නීතිඥ මණ්ඩලයකගේ සහය පතා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි මෙරට බුද්ධි අංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මේ වන විට රිමාන්ඩ් බාරයට පත් කර සිටින කුඩු අංජු නැමැත්තා මෙම මස 4 වෙනිදා යළිත් ප්‍රංශ අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ප්‍රංශ අධිකරණයක් හමුවට කුඩු අංජු නැමැත්තා ලබන 4වෙනිදා ඉදිරිපත් කරන අවස්ථාවේ මෙම නීතිඥ මණ්ඩලය ඔහු වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ප්‍රංශ ජාතික සුරූපිනියක් සමග කලක සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව කියන කුඩු අංජු නැමැත්තා ඇය සමඟ විවාහ වීමට ශ්‍රී ලාංකික විවාහක බිරිඳගෙන් දික්කසාදය ඉල්ලා ඇතත් ඇය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇතැයි ද මෙරට බුද්ධි අංශවලට දැනගැනීමට ලැබී ඇතැයි පැවසේ.
මෙම හේතුව මුල්කරගනිමින් අඹුසැමි යුවළ අතර නිතර ගැටුම් ඇති වෙන බවත් ඇතැම් අවස්ථාවල කුඩු අංජු නැමැත්තා සිය බිරිඳව කාමරයක දමා සිර කරගෙන ඇයට අමානුෂික ලෙස පහර දෙන බවත් වැඩිදුරටත් දැනගැනීමට ලැබී ඇතැයි එම බුද්ධි අංශ නිලධාරියා කීය.
සැමියාගේ පහරකෑම් ඉවසා සිටීමට නොහැකි වූ බව කියන බිරිඳ ඔහුගේ තතු ප්‍රංශ පොලීසියට දැනුම් දීමෙන් පසු ඉකුත් 27 වැනි දා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කුඩු අංජු නැමැත්තා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විධිවිධාන මේ වන විටත් යොදා ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කුඩු අංජු රැක ගන්න ප්‍රංශ පෙම්වතිය වලි කයි
Asela Tuesday, 02 May 2023 06:55 AM
සුරූපිනිය!!!, ප්‍රන්ශේ ඉන්න අපි දන්නවා ඔය සුරූපිනිය ගැන...
manju Tuesday, 02 May 2023 10:42 AM
අලස් ට ඔහුව නිදොස්කොට නිදහස් කරන්න වෙනවා නියතයි...
romesh Tuesday, 02 May 2023 06:02 PM
කොහොම වුණත් ඔය කුඩු මුදලාලිව ලංකාවට පිටුවහල් කරන්න ප්‍රංශ අධිකරණය අවසර දෙන්නේ නැහැ. ප්‍රංශ අධිකරණය කියන්නේ ලංකාව වගේ දේශපාලකයින්ගේ ඕඩර්ස් වලට, පොලිසියේ ඕනෑකමට වැඩකරන අධිකරණයක් නොවෙයි. රටේ ජනාධිපතිවවත් ගණන් ගන්නේ නැති උත්තරීතර ආයතනයක්. මේ මිනිහාව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ගෙදර ගෑනිට පහරදීම නිසාලු. ගෙදර බල්ලාට, ගෑනිට, ළමයින්ට පහරදීම ප්‍රංශයේ ලොකු වරදක්. ඒ අනුව සමහරවිට ඔය මිනිහාව මාස 6 ක් විතර ප්‍රංශයේ කූඩුවකට දමාවි, ඒ හැර ලංකාවට නම් එවන්නේ නැහැ. ඒ රටේ අධිකරණය දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ වනචාරින් පාලනය කරන මිත්‍යාදෘෂ්ටික වහල්ලුන්ගෙන් පිරුණු චූටි දුපතක් කියලා...