(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
යුක්තිය මෙහෙයුම යටතේ කඩුවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයේ තිබූ වැලිවිට සුද්දා නමැත්තාට අයත් කෝටි ගණනක් වටිනා බස් රථ 05 , සුඛෝපභෝගී මෝටර් රථයක් හා යතුරු පැදියක් යළි ලියාපදිංචි හිමිකරුට ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 17 දා ලබාදුන් තීන්දුව බල රහිත කරමින් එම දේපල යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන විමර්ෂණ සිදු කරන ලෙසට හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද නියෝග කළේය.
ඒ අනුව ඉකුත් 17 දා කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජය බණ්ඩාර මහත්මිය ලබා දී තිබූ නියෝගය බලරහිත වේ.
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය ඉකුත් 17 දා ලබාදී තිබූ එම නියෝගයට අනුව දේපලවල හිමිකරුවන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට දා පැමිණ එහි භාරයේ තිබූ බස් රථ 05, මෝටර්‍රථය හා යතුරු පැදිය යළි රැගෙන ගොස් තිබුණි.
මෙම දේපළ රැගෙන යාම සම්බන්ධයෙන් (21) දා හෝමාගම මහාධිකරණයට නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසියටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂ ඉන්දික මිලාන් මහතා පැමිණ අධිකරණයට කරුණු දැකවීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන සිල්වා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඉහත දේපළ උපයාගත් ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් පවත්වන අතරතුරදි ඊට ප්‍රමාණවත් කාලයක් ලබා නොදී මෙසේ ඉහත දේපළ යළි හිමිකරුවන්ට පවරා දීමෙන් පරීක්ෂණවලට බාධා එල්ල වී ඇති බව නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරයා අධිකරණයට හමුවේ කරුණු දැක්වීය.
2025 දෙසැම්බර් මස 04
518
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
477
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඩුවෙල අධිකරණයෙන් දුන් වාහන හෝමාගම අධිකරනයෙන් යළි ගනී
sam Wednesday, 21 February 2024 03:24 PM
අනිවාර්යයෙන්ම ඒ වාහන රාජසන්තක කළ යුතුයි.
Pankumburage Wednesday, 21 February 2024 05:04 PM
රන්ජන් මහත්තයා මතක් වුණා.