(ෂේන් සෙනෙවිරත්න)
පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නිවසක් සහ තේ කඩයක් මතට කඩාවැටුණු විශාල ගල් පර්වතයට සහ පස් කන්දට යටවීමේ මේ වන විට පස් දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි.
මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති බව පොලිසිය කියයි.
එම නිවස තුළ සිරව සිටින තවත් පිරිසක් මුදවා ගැනීම සඳහා මේ වන විට මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එම නිවස තුළ තවත් තිදෙනකුට ආසන්න පිරිසක් සිරව සිටිය හැකි බවයි.
මේ අතර පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ නුවර මාර්ගය (ඒ 09) නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බවත් එම මාර්ගය භාවිතා කරන්නන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මහජනතාවට දැනුම් දුන්නේය.
එම කන්දේ ඉහල කොටසේ තවත් අස්ථාවර අවදානම් ගල් කිහිපයක් තිබෙන බැවින් එම ගල් ඉවත් කොට එම ස්ථානයේ ස්ථාවර කරන තුරු මාර්ගය වසා දැමෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.
---------------------------------------------------------------
කළුගල වැටීමෙන් අයෙක් මරුට-අතුරුදන් පිරිසක් සොයයි?
(බණ්ඩාර ජයරත්න,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ෂේන් සේනෙවිරත්න)
පහළ කඩුගන්නාව මහනුවර මාර්ගයේ ගණේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
කළුගලට යට වූ වෙළෙඳ හල තුළ ආහාර ගනිමින් පිරිසක් සිටි බවට තහවුරු නොවු පුවත් ප්‍රකශ කළද එම පිරිස සම්බන්ධයෙන් තවතමත් තොරතුරු ලැබී නැත. අතුරුදන් වූ පිරිස පිළිබඳව කරුණු සොයමින් සිටී
අනතුරින් තුවාල ලැබූ සිව්දෙනකු මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.
මේ හේතුවෙන් ඉක්මන් තීරුවකට වාහන ගමනාගමනය සීමා කර ඇත.
අනතුර වන විට එම වෙළඳසැලින් කෙටි ආහාර ගැනීම සඳහා වෑන් රථ දෙකකින් සහ මෝටර් රථයකින් පිරිසක් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
කඩා වැටුණු සුන්බුන් අතර පිරිසක් සිටි වී සිටින බවටද තොරතුරු ලැබී ඇති අතර ඔවුන් මුදා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද මාවනැල්ල පොලිසිය සඳහන් කරයි.
(ඡායා ජේ.ඒ.එල් ජයසිංහ)








(ඡායා බණ්ඩාර ජයරත්න)



(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)



2025 දෙසැම්බර් මස 04
434
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඩුගන්නාවේ කළුගලට යටවූ පහක් මරුට
tissa Sunday, 23 November 2025 05:54 PM
අදත් ඔය ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීමක් පිළිබඳව වාර්තා වුණා. අද පවතින වාහන ධාරිතාවය ඔවැනි පැරණි මාර්ගයකට දැරිය නොහැකියි. දැන් කල යුත්තේ විකල්ප මාර්ගයක් ලෙස මහනුවර දක්වා දිවෙන අධිවේගී මාර්ගය සදා නිම කිරීමයි.