IMG-LOGO

කඩවත ගනේමුල්ල පාරේ ගිනිගත් මළ සිරුරක්

(ගයාන් සූරිය ආරච්චි සහ ගණිඳු රෝචන සමරතුංග)

කඩවත මංගල මාවත ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක තිබී සිරුරට ගිනි ඇවිලනු මළ සිරුරක් අද (15)  හමුවූ බව කඩවත පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා අවුරුදු 78ක් පමණ වන වයෝවෘද්ධ පුද්ගලයෙකු බව පොලීසිය කියයි.

එම මළ සිරුර ආසන්නයේ මුදල් කීපයක් සහ මානසික රෝගීන් සඳහාලබා දෙන  බෙහෙත් පෙති කිහිපයක්ද හමු වූ බව පොලිසිය කියයි.

ගිනි ඇවිලි මිය ගිය පුද්ගලයා ආසන්නයේ ලඳු කැලෑවේ කොටසක්ද ගින්නෙන් විනාශ වී තිබුණු බව පොලිසිය පවසයි.

කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලයාට ගිනි තැබුවේද නැතිනම් සිය දිවි හානි කර ගැනීම සඳහා සිදුකළ ක්‍රියාවක් ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් පැමිණ ස්ථාන පරීක්‍ෂණ සිදු කළඅතර පොලිස් නිල සුනඛයෙකුද රැගෙන විත් විමර්ශන සිදු කරනු ලැබීය.

අධිකරණ වෛද්‍ය නිලධාරී පැමිණ දේහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් දේශාල් පෝල් මහතා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබීය.

කැලණිය කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී අර්ජුන කොඩිකාර මහතාගේ මෙහෙයවීම මත කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

කඩවත ගනේමුල්ල පාරේ ගිනිගත් මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site