
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රාගම කුරුකුලාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි දැරියකට ඉතා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට ලක් කළේ යැයි කියන එම දැරියගේ 39 හැවිරිදි කුඩම්මා රාගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පාර කෑමවලට ලක් වූ දාහත් හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට රෝහල්ගත කරනු ලැබුවාය.
කාන්තා පොලිස් නිලධාරිනියකගේ රැකවරණය යටතේ ඇය රෝහල්ගත කර ඇත.
මෙම 17 හැවිරිදි දැරියගේ මව මිය ගොස් ඇති අතර ඉන් පසු පියා තවත් විවාහයක් කරගෙන ඇතැයි පොලිසිය පවසයි.
එම විවාහයෙන් සැකකාර කාන්තාවට අවුරුදු නවයක් වයසැති ගැහැණුදරුවකු සිටින බවද පොලිසිය සඳහන් කරයි.
දහහත් හැවිරිදි මෙම දැරිය ගේ පියා වසර ගණනාවක සිට කොරියාවේ රැකියාවක නිරතව සිටී රාගම කුරුකුලාව ප්‍රදේශයේ නිවසක සිටින බාල වයස්කාර දැරියක්ව ද හිංසා වලට ලක් වන බවට රාගම පොලීසියට තොරතුරක් ලැබී ඇත.
රාගම පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් අසේල පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩම්මාගේ පහරදීමෙන් 17 දැරිය රෝහලේ
kamalasiri Friday, 10 March 2023 03:56 PM
රාගම පොලිසියට අපගේ ආචාරය. මේ වගේ අයට උපරිම දඬුවම් දියයුතුයි. බන්ධනාගාරයේ සිටින අයත් මේ ගැන බලාගන්නවා නම් හොඳයි.
බද්රානි Friday, 10 March 2023 09:22 PM
මේ දුෂ්ඨ කාන්තාව, අනාගතයේදී මේ දැරියට හිමිවිය යුතු දේපළ පිළිබඳව තමයි මෙතරම් වෛරයකින් පසුවෙන්නේ. මේ කුරීරු ගැහැණියට නිසි දඬුවම් නොලැබුණොත්, එය මේ දැරියගේ ජීවිතයට දැඩි තර්ජනයක් වේවි. පොලිසිය, නීතිය මෙන්ම අදාළ බලධාරීන්ගේ දැඩි අවධානය මේ පුවතට යොමු වේවා යයි බලාපොරොත්තු වෙමි. කරුණාකර මේ දැරියව එම අනතුරෙන් ගලවාගන්න හැමෝම එක්ව කටයුතු කරන්න.
රන්මිණි Saturday, 11 March 2023 08:29 AM
අම්මා නැති කලට අප්පා කවර කල...
Bunny Preena Saturday, 11 March 2023 09:31 AM
කුණු බිත්තරවලටත් හොඳ ඉල්ලුමක් තියෙයි වගේ...
පැරකුම් Saturday, 11 March 2023 01:58 PM
දඬුවම් කළයුත්තේ කුඩම්මාට වඩා තාත්තාටයි…!