IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කදවුරේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් නිලධාරියා ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මෙහෙයුම් අංශයේ රාජකාරී කරමින් සිට පොලිස් කොස්තාපල්වරයකු බව එම උසස් නිලධාරියා කීය.

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදන පුද්ගලයකු පිලිබදව කුරැණෑගල පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට ලද තොරතුරක් මත පෙරේදා (24) වරකාවැහැර ප්‍ර දේශයේ අවුරුදු 30 ක පුද්ගලයක අත්අඩංගුවට ගෙන සිදුකළ ජංගම දුරකතන පරීක්ෂාවේදී ගෝනහේන කදවුරේ නිලධාරියා විසින් සැකකරුට ඇමතුම් වාර 40 ක් පමණ ලබාගෙන ඇති බව එම නිලධාරියා තදින්ම මත්කුඩුවලට ඇබ්බැහිවූවකු බවත් පොලිසිය පවසයි.

විශේෂ කාර්ය බළකාය අණදෙණ නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග පරිදි විශේෂ කාර්ය බළකාය කුරුණෑගල කදවුරේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කුරුණෑගල රිදියගම පොලිසිය බාරදී තිබේ.

 



අදහස් (0)

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site