(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි අනූ දහස් හාරසීයක්(90,400) 2022 දෙසැම්බර් 31 වනවිට අය කරගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය.
මෙම මුදලට හිඟ බදු, දඩ හා පොළී ඇතුළත් වන බව එම කාරක සභාව පවසයි.
මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කෝටි 248 කට වැඩි වටිනා අගරු චෙක්පත් පැවතීම පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.
රමිස් (RAMIS) පරිගණක පද්ධතිය තවමත් නිසි ක්‍රියාකාරී මට්ටමක නැතැයිද මෙහිදී සඳහන් විය.
මෙම මුදලෙන් රුපියල් රුපියල් කෝටි 16300ක් (බිලියන 163) අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත් රුපියල් කෝටි 74000 ක් (බිලියන 740) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටවා ඇති මුදල් වශයෙන් හදුනාගෙන ඇති බවත් තොරතුරු අනාවරණය විය.
මෙම හිඟ මුදල් RAMIS සහ Legacy යන පද්ධති දෙක යටතේම අයවිය යුතු මුලු හිඟ බදු මුදල් වශයෙන් හඳුනාගෙන ඇති බව විගණකාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම හිඟ බදු මුදලින් අය කළ හැකි ආදායම් මුදල අය කර නොගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙහිදී කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා නිර්දේශ කළේ අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අයකරගන්නා ආකාරය පිළිබඳ දින වකවානු සහිතව තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසයි. එසේම රුපියල් බිලියන 904 මුලු හිග බදු මුදල පිළිබඳව වෙන්වෙන් වශයෙන් විස්තර සහිතව වාර්තාවක් ලබා දෙන ලෙසද සභාපතිවරයා නිර්දේශ කළේය. එම වාර්තාවේ බදු මගහැරී ඇති ආකාරය සහ ඒවාට හේතු විස්තරාත්මකව දක්වා තිබිය යුතු බවද සඳහන් කළේය.
මේ පිළිබඳ අනාවරණය වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය සහ මෙම දෙපාර්තමේන්තුව 2022 නොවැම්බර් 28 දින කෝපා කමිටුවට කැදවා ලබාදුන් නියෝග ක්‍රියාත්ම කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 12 වැනිදා රැස් වූ අවස්ථාවේදී ය.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 90,000ක බදු පොල්ලක්
සචින්ත Tuesday, 16 May 2023 06:15 PM
17 වෙනිදා ලෙඩවෙනවා කියන්නේ ඒකට වෙන්න ඇති නෝනා මහත්වරුනි ඇත්ත හොඳටම තිත්තයි නේද?
Nathalie Tuesday, 16 May 2023 06:47 PM
ඔය කියන බදු මුදල් ගෙවිය යුතු අය වන්නේ අනිවාර්යයෙන්ම අර 225 හරි උන්ගෙ යාලු මිත්‍ර සමාගම්. ඒකයි computers වැඩ කරන්නෙ නැත්තෙ. ඒවත් බොල් නය වලට කපා හරියි. අනේ සාදූ .