IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝටි 87 ගිල්ල ගාල්ල ශ්‍රවණාගාරය

(මුදිතා දයානන්ද)

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ශ්‍රවණාගාරයක් ඉදිකිරිම සඳාහා රුපියල් කෝටි 87. 5 ක මුදලක් වැයකර තිබුණද එහි වැඩ නිම නොකිරිම නිසා එම මුදල නිෂ්කාර්ය වියදමක් වී ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

ව්‍යපෘතිය සම්පූර්ණයෙන් නිම කිරිම සඳහා මුල් ඇස්තමේන්තුව රුපියල් කෝටි 170ක් වුවද අවස්ථා දෙකකදී එය රුපියල් කෝටි 315ක් දක්වා වැඩිකර ඇත බවද එම වාර්තාවේ සඳහන් වේ.විගණන වාර්තාවට අනුව 2022 පෙබරවාරි 22 වන විටත් එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වල ප්‍රගතිය සියයට පහළොවකි.

එම වාර්තාවට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරවය. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් සඳහා මිලදි ගත් ද්‍රව්‍ය දිගු කලක සිට අනාරක්ෂිතව ඉදිකිරීම් භූමියේ ගොඩගසා තිබේ. එසේම ව්‍යාපෘතිය සඳහා පවරා ගන්නා ලද හෙක්ටයාර 2.7ක ඉඩමද ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගත නොහැකි වීම නිසා නිෂ්කාර්ය සම්පතක් බවට පත්ව තිබේ.

මේ බව සඳහන් වන්නේ ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුව  2021 වසරේ දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණකාධිපති වාර්ෂික වාර්තාවේය.

 



අදහස් (8)

කෝටි 87 ගිල්ල ගාල්ල ශ්‍රවණාගාරය

Chandra Thursday, 26 January 2023 03:19 AM

වජිර පොහොසත්

:       0       8

SanathThursday, 26 January 2023 11:54 AM

ජවිපෙ නලින් හේවගේ සහෝදරයා මුල ඉඳන්ම මේක ගැන කතා කළා. ඒත් වැඩක් උනේ නෑ.

:       1       3

Perera Thursday, 26 January 2023 03:40 AM

කොමිස් එක සාක්කුවට දාගත්තාට පස්සේ ඕවා හැදුවත් එකයි, නැතත් එකයි...

:       1       5

චන්දන Thursday, 26 January 2023 06:42 AM

අරගලයට පිං සිද්ධ වෙන්න ගාල්ලේ පාර්ලිමේන්තු ගිය මන්ත්‍රී තම මේ විශ්ව කර්ම වැඩේ කලේ. දැං එයාට රාජගිරියේ පැත්තේ ⁣මාලිගාවකුත් තියෙනවලු. නරකද වත්කම් උපයාගත් හැටි හොයා බැලුවා නම් .

:       1       10

saam Thursday, 26 January 2023 08:00 AM

බදු පිට බදු ගහල කරන තවත් එක් මගඩියක් විතරයි . මේවට තමයි අපි බදු ගෙවන්නේ ....................... මේවා කරපු උන්ට මොනවද කරන්නේ. හොරා කන උන්ගේ මුදල් ආපසු රජයට ගන්නවාද

:       1       7

sharm warn Thursday, 26 January 2023 09:24 AM

ආ.. ඔය තියෙන්නෙ අපෙන් ගහන "සාදාරණ" බද්දෙන් කරන වැඩ. . කොච්චර ආඩම්බරයි ද අපිට ඉතින්. .

:       0       8

Bunny Preena Thursday, 26 January 2023 10:04 AM

හැම මගඩියක් සහ දූෂණයක් සම්බන්ධව හෙළිවෙන්නේ විගණනයට ගියාට පස්සේ. මෙම වංචාවලට ඔය ලොකුපුටුවල ඉන්න අයත් සම්බන්ධ නිසා තමයි එවැනි කටයුතු අධීක්ෂණය නොකරන්නේ සහ නොවන්නේ... මෙවැනි අය කිසිම ලෙඩක්, දුකක් නැතිව යහතින් ජීවත් වෙන එකනේ පුදුමේ...

:       0       6

SanathThursday, 26 January 2023 11:53 AM

ජවිපෙ නලින් හේවගේ සහෝදරයා මුල ඉඳන්ම මේක ගැන කතා කළා. ඒත් වැඩක් උනේ නෑ.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site