IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෝටි 800 පිරමිඩ ජාවාරම් කළ පහකට රට යන්න තහනම්

(නිමන්ති රණසිංහ)

පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් පස් දෙනකුට විදෙස් ගතවිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (12) නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සමාගමේ ප්‍රධානීන් පස් දෙනාට සිතාසි නිකුත් කරන ලදී.

මොරටුව එගොඩ උයන, පදිංචි සුදත් රන්ජන් සිල්වා යන අය නිතීඥ නලීන් පතිරණ මහතා මගින් පුද්ගලිකව අධිකරණය හමුවේ පැවරූ නඩුවකට අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

මෙලෙස විදෙස් ගමන් තහනමක් සහ සිතාසි නිකුත් වූයේ, නල්ලවත්ත පාර, මහරගම පදිංචි අමිත් වික්‍රමගේ, පින්නවලපිටිය වත්ත, බමුණුවිල, කුරුණෑගල පදිංචි ශමල් කීර්ති බණ්ඩාර, කහතිලගම, පොල්පිතිගම පදිංචි ශානක මධුෂාන් විජේසිංහ, පහළ ගිරිබාව, ගිරිබාව පදිංචි රොවින්ද මංජුල මැදවත්ත සහ කුඩමිටිකුළිය, නිකවැරටිය පදිංචි ප්‍රදීප් කුමාර හන්තාන යන අයවලුන්ටය.

මෙය විශාල මුල්‍ය වංචාවක් වන අතර මොවුන් රටින් පිටවීමේ අවධානමක් ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට නිතීඥ නලින් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධියට අදාළව වංචාවට හසුවූ පැමිණීලිකරුවන් 1000කට අධික ප්‍රමාණයක් සිටින අතර, මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණීලි ලැබෙමින් පවතින බවද නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (5)

කෝටි 800 පිරමිඩ ජාවාරම් කළ පහකට රට යන්න තහනම්

M.D.C.R Payoe Tuesday, 13 September 2022 05:48 AM

Pls help us to get our money, its more than 1000 people all around the country.

:       1       8

Darshana priyanga Tuesday, 13 September 2022 07:21 AM

මේකෙ තව ඉන්නව පල්ම හොරු.

:       1       9

Amara Tuesday, 13 September 2022 11:58 AM

මේ පල් හොරු බහුතරය කුරුණෑගල පිටිසර පැතිවල. අහිංසක මිනිස්සුන්ගෙ අවංකකමෙත් මෝඩකමිනුත් ප්‍රයෝජන අරන්. දඩුවම් නම් දැඩි කළ යුතුයි. දේපල සෙරෙප්පු දෙක දක්වාම රජයට පවරාගත යුතුයි.

:       0       6

kotiya Tuesday, 13 September 2022 12:51 PM

බලං හිටපල්ලා දඩුවම් දෙනකන්. අර දඩුවම් මුදලාලිට විරුද්දව 2008 - 09 වගේ පවරපු නඩු තාම අහනවා. දැන් දඩුවම් මුදලාලිලා මැරිලත් ඇති.

:       0       1

විජේ Tuesday, 13 September 2022 04:43 PM

කොහොමද දැන් සක්විතිලා ඉන්න හැටි...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site