IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කෝටි 50 ක සිරගට් රේගුවේදී මාට්ටු

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

රුපියල් කෝටි 50 කට ආසන්න වටිනාකමින් යුත් සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශය අද (22) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ඩුබායි සිට කොළඹ පිටකොටුවේ ආයතනයකට සියයට 100 ක් රෙදි රෝල් ලෙස සඳහන් කර එවා තිබූ අඩි 20 බහළුම පිළිබඳව ඇති වූ සැකයක් හේතුවෙන් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශය පරීක්‍ෂණ කර භාරයට ගත් බවත් එහි බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත සිගරට් 2,999,400 ක් ගබඩා කර තිබූ බවත් රේගුව කීය.

එම බහළුමේ රෙදි රෝල් 266 ක් ගබඩාකර තිබෙන බව සඳහන්ව තිබුණ ද රෙදි රෝල් 38 ක් පමණක් තිබූ බව පැවසූ රේගුව මෙම බහළුම් නිදහස් කරගත්තේ නම් රජයට රුපියල් කෝටි 40 ක පමණ බදු ආදායමක් අහිමිවන බව ද සඳහන් කළේය.

අදාල සිගරට් තොගය පිළිබඳව ශ්‍රී ලංකාවේ නැව් නියෝජිත ආයතනය හරහා ඩුබායිහි නියෝජිත ආයතනයෙන් කරුණු විමසා ඇති බවත් නීතිවිරෝධී ආයතනය සහ පුද්ගලයන් පිළිබඳව ද රේගු ආදායම් අධීක්‍ෂණ අංශය වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.

මෙම සිරගට් ලක්ෂ 30 ක තොගය ගබඩාකර තිබූ බහළුම ඔරුගොඩවත්තේ පිහිටි ආර්.සී.ටී. පර්යන්තයේදී අද (22) පස්වරුවේ විවෘත කළ අතර එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද සහභාගි විය.

 



අදහස් (0)

කෝටි 50 ක සිරගට් රේගුවේදී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site