IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටි 25ක යාත්‍රා අනතුර ගැන මහවත්තගෙන් පැය 4ක ප්‍රකාශයක්

(යොහාන් භාසුර)

ත්‍රිකුණාමලය වරායේ ස්ථානගත කර ඇති නවීණ නියමු යාත්‍රාවක් නීති විරෝධීව පරිහරණය කිරීමේදී අනතුරකට ලක්ව රුපියල් කෝටි 25 කට අධික අලාභයක් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව පැය හතරකට ආසන්න කාලයක් සාක්‍ෂි සහිත ප්‍රකාශයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දුන් බව එහි පැමිණළිකරු වන සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත මහතා අද (31) පැවසීය.

සංජය මහවත්ත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) ප්‍රකාශය දීමෙන් පසුව අද (31) පස්වරුවේ මාධ්‍යයට එසේ පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් කීපදෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බවත් සියලුම තොරතුරු විශාල ලිපිගොනුවක් ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවත් ඒ මහතා කීය.

එක්තරා කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වසන්කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි යොමුකර කඩාකප්පල්කාරී ක්‍රියාවලියක ද නිතර වූ බව කී මහවත්ත මහතා පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහයේ 198 වගන්තිය යටතේ තොරතුරු වසන්කිරීමත් වදරක් වීම නිසා ඔවුන්ට ද දඩුවම් ලැබෙනු ඇති බවත්ය.

මෙම අනතුර සහ අලාභය පිළිබඳව තොරතුරු වසම් කිරීමට සම්බන්ධ ඉජිනේරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු ද සී.අයි.ඩී.යට දුන් බව කී මහවත්ත මහතා වර්තමාන ආණ්ඩුව කතානායකවරයා සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයට මෙම සිද්ධියේ ප්‍රධාන චෝදනා ලාභියා වන වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂගණක හේමචන්ද්‍ර මහතා සම්බන්ධයෙන් ද කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද මහවත්ත මහතා කීය.

ත්‍රිකුණාමල වාරයේ හිටපු නේවාසික කළමණාකරු වන ගණක හේමචන්ද්‍ර මහතා ‘ජයිකා’ ආධාර යටතේ ලැබුණු රුපියල් කෝටි 25 ක් පමණ වටිනා යාත්‍රාවක් පුද්ගලික චාරිකාවක් සඳහා යොදාගෙන අනතුරට පත්කළ බවත් එම අනතුරෙන් රජයට රුපියල් කෝටි 25 ක පමණ ආලාභයක් වූයේ යැයි පැමිණිළි කර තිබූ බවත් සංජය මහවත්ත මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (0)

කෝටි 25ක යාත්‍රා අනතුර ගැන මහවත්තගෙන් පැය 4ක ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site