IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝටි 16 ක මත්ද්‍රව්‍ය වරායේදී අල්ලයි

(යොහාන් භාසුර)

ඩුබායි සිට මෙරටට ආනයනය කළ බහාලුමක සූක්ෂ්ම ලෙස සඟවා හොර රහසේ රට තුළට ගෙන ඒමට උත්සහ කළ ‘ෂිෂා’ යන්ත්‍ර සඳහා භාවිතා කරන නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8000 අධික තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය සමත් වූ බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 16 කට අධික බවත් එම මත්ද්‍රව්‍ය තොගය ග්‍රෑම් 50 යේ පැකට් 160,200 ක් ලෙස ගබඩා කර තිබූ බවත්  ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර නාමයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය ආනයන කර තිබූ බව ද රේගුව කීය.

ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ යූ. කේ. අසෝක රංජිත් මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ චාන්දනී සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි මෙම වැටලීම ක්‍රියාත්මක කළ බව ද රේගුව වැඩි දුරටත් පැවසීය.  



අදහස් (1)

කෝටි 16 ක මත්ද්‍රව්‍ය වරායේදී අල්ලයි

Surathalaa Thursday, 18 May 2023 04:13 PM

අල්ලනවා විතරයි දකින්නේ .අල්ලපුවට මොනවා වෙනවද කවුරුවත් දන්නේ නැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site