(ටී.කේ.ජී.කපිල)
රුපියල් පහලොස් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 60 ක් ඉනේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයකු අත් අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ කියයි.
මොහු ජා - ඇළ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි.
කිලෝ 06 යි ග්‍රෑම් 995 ක් බරැති මෙම රන් බිස්කට් පාර්සල් 06 කට සකස් කර ඉන ප්‍රදේශයේ සගවා ගනිමින් ගුවන් තොටුපළෙන් පිට කිරීම සදහා රැගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම පුද්ගලයා සහ ඔහු රැගෙන ගිය රන් බිස්කට් තොගය ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .
මෙම රන් බිස්කට් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන්නට ඇතැයි රේගු නිලධාරීන් සැක කරන අතර , මොහු ලවා මෙම රන් බිස්කට් තොගය ගුවන් තොටුපළෙන් පිට කිරීමට සූදානම් කර තිබූ බවට රේගුව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කෝටි 15ක රන් ගුවන්තොටින් පිට කරන්න හදලා