IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටි 15කට විද්ද කතක් මාට්ටු

බිමල් ශ්‍යාමන් ජයසිංහ

දකුණු පළාතේ ප්‍රසිද්ධ අවන්හලක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් කෝටි 15 කට ආසන්න මුදලක් ලබාගෙන එය ලබා නොදී වංචා කර සැඟව සිටි මහා පරිමාණ වංචාකාරියක වන 54 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙර මහේස්ත්‍රාත්වරියක ලෙස පෙනී සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කර රිමාන්ඩ් ගත වූ සැකකාරියකගෙන් රුපියල් හය ලක්ෂයකට අධික මුදලක් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු තැනැත්තියක බව පොලිසිය කියයි.

සැකකාරිය පරිහරණය කළ අති සුඛෝභෝගී මෝටර් රථයක් , ස්මාට් වර්ගයේ ජංගම දුරකථන හතරක් හා ලැෆ් ටොෆ් පරිගණක දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී මිතුරකුගේ නඩුවක් සඳහා පැමිණි අවස්ථාවේදී තමාගේ මිතුරන් දෙදෙනකු මාර්ගයෙන් මෙම කාන්තාව හඳුනාගත් බවත් අනතුරුව තමාගේ යෙහෙළියක වශයෙන් විශ්වාසය දිනා ගනිමින් නැවත ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් 14 කෝටි අනූපන් ලක්ෂයක මුදලක් අවස්ථා හතරකදී ඉල්ලා ගත් බවත් එම ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

 



අදහස් (3)

කෝටි 15කට විද්ද කතක් මාට්ටු

Lalla Monday, 10 June 2024 07:45 AM

හොඳින් ඉපයූ මුදලක් යහපත් චේතනාවෙන් දුන්න කියලද මේ කතාව!!!. කිසිදාක මේ තරම් මුදලක් කට වචන විශ්වාස මත දෙයිද? සැබවින්ම සැක සහිත කතාවක්.

:       0       0

Don don Monday, 10 June 2024 10:04 AM

බුදු අම්මෝ වාහන 400 එනකම් නිදා ගත්තද .එකක් දෙකක් වගේ නෙමෙයි 400 ක් කියන්නේ.අත යට ගනු දෙනු තමයි ඉතින් .බැටරි කෑල්ලක් සාක්කුවේ දාගෙන එනවා වගේ වැඩක් නෙමෙයි නේ.ඔච්චර හොයා ගන්න බැරි වෙන්න.ඩීල් කාරයෝ තමයි

:       0       0

Randika Monday, 10 June 2024 01:52 PM

යෙහෙළියක්ම විතරක් වෙන්න ඇති පවු

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1061 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site