IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝටි 13 ක කොකේන් රේගුවේදී මාට්ටු

(යොහාන් භාසුර සහ ටී. ෙක්.ජී. කපිල)

රුපියල් කෝටි 13 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ දෙකයි ග්‍රෑම් 553 ක් සමඟ 26 හැවිරිදි සුරිනාම් ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (18) අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

බ්‍රසීලයේ සිට කටාර් රාජ්‍යයේ ඩෝහා නගරය හරහා මෙරටට පැමිණි තරුණියකගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් ඇය විශේෂ පරික්ෂා කළ බවත් ඇයගේ ගමන් මල්ල තුළ අසුරා තිබු ආහාර වශයෙන් සඳහන් කළ ටින් පහක් තුළ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බවත් රේගුව පවසයි.  

එම මත්ද්‍රව්‍ය පිළිබඳ මුලික විමර්ශන කටයුතුවලින් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ හා සැකකාරිය ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යංශයට භාරදුන් බවත් රේගුව සඳහන් කළේය. 



අදහස් (2)

කෝටි 13 ක කොකේන් රේගුවේදී මාට්ටු

"මත්තදීප-ලංකදීප" Tuesday, 18 October 2022 06:26 PM

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්‍යංශය නිලධාරීන් මත්ද්‍රව‍ය කිලෝ ගණන් අල්ලපුවා දැකලාම දැකපු දෑස් මත් වෙලා ඉන්නේ..! ඉතින් මත හිඳෙනකොට නාකොටි සම්පත් වෙනවා..! ඇල්ලුවා..! ඇල්ලුවා..!! පෙන්නුවා.! පෙන්නුවා..!! මත් ද්වීපයට බය නැතුවම ඒවා ඒනිසා ආයිත් එනවා.. එවනවා..!

:       0       0

don Tuesday, 18 October 2022 06:31 PM

ඉස්සර කොකේන් කිලෝ 2ක් කෝටි 4 යි ..දැන් උද්ධමනය එක්ක ඒකත් කෝටි 13 ක් වෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site