IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝටි 11ක සුදු අලියෙක් ගැන කෝපා කමිටුවෙන් අනාවරණයක්

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට 1999 වර්ෂයේදී  රුපියල් කෝටි 11ක වියදමින්  මිලදී ගෙන ඇති ඡායාරූප සුද්ද කිරීමේ යන්ත්‍රයෙන්  මෙතෙක් එකම ඡායාරූපයක් හෝ සුද්ද කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා)   තොරතුරු අනාවරණයවූ බව  එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

මේ යන්ත්‍රය අද යකඩවලට පවා විකුණා දැමිය නොහැකි තත්වයක පවතින බව පැවසූ සභාපතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශාල කාමරයක රඳවා ඇති මේ යන්ත්‍රය  හේතුවෙන් එහි විශාල ඉඩකඩක්ද ඇහිරි ගොස් තිබෙන බව ප්‍රකාශ කළේය.

මෙම යන්ත්‍රය 1999 වර්ෂයේදී  මිලදීගෙන ඇතැයි පැවසෙන්නේ ප්‍රංශයෙනි.



අදහස් (3)

කෝටි 11ක සුදු අලියෙක් ගැන කෝපා කමිටුවෙන් අනාවරණයක්

Dharmatileke Wednesday, 31 May 2023 12:07 PM

එදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂවරයාට සිරදඬුවම් දිය යුතුයි.

:       0       7

JAYATH NANDANAWednesday, 31 May 2023 01:41 PM

මේක ශ්‍රී ලංකාව...!

:       0       1

ඉන්දික ලියනගේ Wednesday, 31 May 2023 02:25 PM

ඔය කාලයේ ඔහොම දේවල් අනන්ත වුණා මම පොඩි එකක් කියන්නේ එක හංදියක ත්‍රි වීලර් නැවතුම් පොලක් තිබුණා. ඉතින් ඒකේ ත්‍රිවීලර් නවතාගෙන සිටින අයෙක් හෝ කීපදෙනෙක් 94 ආණ්ඩු පෙරළියේ ක්‍රියාකාරීන් නොවුණත් ප්‍රදේශයේ මංත්‍රීගේ හිතවතුන් දෙන්නෙක් වගේම ඒ ප්‍රදේශයේ පදිංචි දෙන්නෙක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සැලසුම් අංශයේ හිටියේ වැඩසටහන් නිලධාරින් (දැන් කාලයේ සංවර්ධන නිලධාරින්) දෙන්නෙක් හිටියා. සියලු සංවර්ධන වැඩ කරන්න වුනේ ඔවුන් දෙන්නට ඕනෑ හැටියට පමණයි.. හොඳම වැඩේ අග්‍රහාර රක්ෂණ ගෙවීම කෙනෙකුගේ ආච්චිට හිමි නැතත්, එකෙකුගේ ආච්චිටත් අග්‍රහාර ගත්තා.. ඒ කාලයේ ගෙවීම් කළේ රක්ෂණ සංස්ථාව මගින් තමයි. ඔවුන් රක්ෂණ හිමිකම් තිබුණු නිලධාරින්ට ගන්න දුන්නේ නැහැ... මොවුන් දෙදෙනාගේ හිතුවක්කාර ක්‍රියා කොහොමද කිව්වොත් මම මුලින්ම කියූ ත්‍රීවීලර් නැවතුම්පළට රජයේ වියදමෙන් ගොඩනැගිල්ලක් හදාදුන්නු එක තවමත් හංදියේම තියෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site