IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු - බිරිඳ රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි දාහකට අධික  මුදල්  වංචා කළේ යැයි  කියන කුරුණෑගල "ජෙනිසීස් බිස්නස් ස්කූල්" නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔහුගේ බිරිඳ ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.

ටිමෝරයේ සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත් ධම්මික රණසිංහ සහ ඔහු බැලීමට කටුනායක ගුවන් තුළට පැමිණි එම සමාගමේ අධ්‍යක්ෂවරියක යැයි කියන සමුද්‍රා සුරංගි නැමති සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයෙන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ එරා මිරකල් නමැති සමාගමක් පවත්වාගෙන ගිය සැකකාර  අධ්‍යක්ෂකවරුන් ජෙනිසීස්  පිරමීඩාකාර මූල්‍ය ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත්, එමගින් එක් රැස්කළ මුදල් ගිණුම් 36000ක් හරහා වංචා කර ඇති බවට විමර්ශන මගින් තොරතුරු අනාවරණය වන බවත්ය.

සැකකරුවන්ට එරෙහිව අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා තිබූ හෙයින් තිමෝරයේ සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට පත් වූ බවත් සඳහන් කළේය.



අදහස් (0)

කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු - බිරිඳ රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site