IMG-LOGO

කෝටි හතරක බෙහෙත් පිල්ලි ගිහින්

(සුජිත් හේවාජුලිගේ )

සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩාවල තිබු රුපියල් කෝටි හතරකට වැඩි වටිනා ඖෂධ තොගයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) සෞඛ්‍ය ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇත.

මේ සම්බන්ධයෙන් එම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇත. එහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ කලකට පෙර සිදු වූ මෙම සිද්ධියට නිලධාරීන් එකොළොස් දෙනකු වගකිව යුතු බවයි.

ඒ නිලධාරීන්ගෙන් තිස් දෙලක්ෂ හැට එක් ලක්ෂයක මුදලක් 2020.12.31 වැනි දිනට අයකරගෙන ඇති බවත් නිලධාරීන් හත් දෙනෙකු මියගොස් හෝ සේවය අතහැර ගොස් හෝ ඇති බවත් එම ප්‍රධානීන් කෝපා කමිටුවට දැනුම්දී ඇත.

අනෙක් නිලධාරීන් හතර දෙනාගෙන් අලාභ අය කර ගනිමින් සිටින බවද සඳහන් කර ඇත.

ගබඩා සමීක්ෂණ කටයුතු දැනට නිසි පරිදි කරගෙන යන බව ප්‍රකාශ කර ඇති එම ප්‍රධානීන් පසුගිය වර්ෂ පහේදී ඖෂධ ඌනතා වාර්තාවී නැතැයිද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ තොරතුරු සඳහන් සඳහන් වන්නේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේය.

 



අදහස් (3)

කෝටි හතරක බෙහෙත් පිල්ලි ගිහින්

ravin Saturday, 28 May 2022 10:17 AM

පහුගිය දවස්වල දැක්කා බෙහෙත් ප්‍රමිතියන්ට අනුකූලව ගබඩාකර නොමැති බව... අද පිල්ලි ගහපු විත්තිය..? උසස් යැයි කියාගන්නා නිලධාරීන් මොකද කරන්නේ? කාගේ සල්ලිද මේ නැතිවෙන්නේ?

:       0       3

ab Saturday, 28 May 2022 10:22 AM

සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩා සියල්ල පරිගණකගතකළ යුතුවේ. දත්ත වෙනස් නොකළ හැකි ආකාරයට වටිනා ඖෂධ/ සියලු ඖෂධ පිළිබඳව දත්ත නොමැතිවීම කණගාටුවට කරුණකි. රජයේ ආයතන පරිගණකගත කරණාතුරු මෙවැනි දූෂිත ක්‍රියාවන් සිදුවේ...

:       0       4

මුදියන්සේ.... Saturday, 28 May 2022 10:34 AM

කෝප් කමිටුවේ නිර්දේශ මත මීට සම්බන්ධ පාපතරයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අතීතයේ සිටම සොරකම්, දූෂණ සිදුකරන බවට දේශපාලනඥයින්ට පමණක් චෝදනා කෙරෙන මුත් වර්තමානය වන විට රජයේ බොහෝ උසස් නිලධාරීන් මහා පරිමාණයෙන් සොරකම් කිරීම සහ දූෂණ කටයුතුවල නිරත වන බැවින් බුද්ධි අංශ යොදවා මෙවන් නිලධාරීන් නීතිය හමුවට ගෙන ආ යුතුයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site