IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝටි හතරකට විශ්වාසය කඩ කළ නීතිඥ දෙකක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ආයෝජන අවස්ථාවන් වෙනුවෙන් යැයි පවසමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 4කට අධික මුදලක් ලබාගෙන එම මුදල් සාවද්‍ය පරිහරණය කර විශ්වාසය කඩ කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නිතීඥවරයකු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (26) නියෝග කළේය.

මේ හා සමාන චෝදනා සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණ කිහිපයක සහ මහාධිකරණ කිහිපයක නඩු පවතින බවට වාර්තා වී ඇති බැවින් මෙම සැකකරු ඇප මත සිටිමින් වැරදි සිදුකිරීම හේතුවෙන් ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනගාර ගත කිරීමට නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෝරුවදණ්ඩ, හොරණ පදිංචි රොෂාන් දෙහිවල නමැති නිතීඥවරයාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ දෙහිවල පදිංචි උදයකුමාර සමරනායක නැමැති ව්‍යාපාරිකයෙකි.

මෙම සැකකරු අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 400, 389, 386 වගන්ති ප්‍රකාරව වරදක් සිදකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

ව්‍යාපාර කටයුත්තක් බවට සදහන් කරමින් සැකකරු පැමිණීලිකරුගෙන් රුපියල් ලක්ෂ 406ක මුදලක් ලබාගෙන ඇති බවත් පසුව එය නැවත නොගෙවා විශ්වාසය කඩකර වංචාවක් සිදුකළ බවත් සදහන් කරමින් මෙම පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 2019 වසරේ පෙබරවාරි මස 25 වැනිදාය.

පැමිණීලිකරුවෙත අදාළ මුදල සැකකරු සහ ඔහුගේ බිරිද සිය මුදල් නොමැති ගිණුම්වලින් චෙක්පත් ලබාදී ඇති බව ද පැමිණීල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබූ බව අධිකරණයේදී කරුණු වාර්තා විණී.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

 



අදහස් (0)

කෝටි හතරකට විශ්වාසය කඩ කළ නීතිඥ දෙකක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 246 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site