(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු ආනන්දපුරම් ප්‍රදේශයේදී කොටි ත්‍රස්තවාදීන් යුද සමයේ වළ දැමූ බව කියන රන් ආභරණ සෙවූ බව කියන පුද්ගලයන් 07 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී විදෙස් රටක නිශ්පාදිත අති නවීන පන්නයේ පොළව යට ඇති වටිනා දේ සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍රයක්ද සොයාගනු ලැබීය.
මුලතිව් පුදුකුඩිඉරිප්පු යුදහමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව ඒ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් පිරිසක් ආනන්දපුරම් ප්‍රදේශයේ කැලෑවක සිදුකරන ලද සෝදිසියකින් අනතුරුව අදාල පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ෙ ඔවුන් සතුව පොළව හෑරීම සඳහා යොදාගත් උපකරන රැසක් සහ ඔවුන් පැමිණි මෝටර් රථයක්ද සොයාගනු ලැබීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය කෝකිලායි ප්‍රදේශයේ පදිංචි තිදෙනකු වන අතර සෙසු සැකකරුවන් සියලු දෙනා ජාඇල, මීගමුව, වැල්ලම්පිටිය සහ කැලණිය යන ප්‍රදේශයන්හි පදිංචි කරුවෝ වෙති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොටි වළ දැමූ රන් සෙවූ හතක් මාට්ටු
de silva Tuesday, 25 April 2023 08:27 AM
පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සහ රජයේ ඉඩම් හැරුණකොට පුද්ගලික ඉඩමක යට තිබෙන දෙයක් යන්ත්‍රයකින් සොයා බලා හාරලා ගොඩ ගත්තම ඇති වරද කුමක්ද
පිටිගල මිලානෝ Tuesday, 25 April 2023 09:02 AM
මොකෝ කොටි ඔප්පු ලියලාද පොලව යට රත්ත්‍රං හංගලා තියෙන්නේ පොලිසියෙන් අහිංසක මිනිසුන්ව අල්ලන්න හොරු කියලා…. එතකොට අර රත්‍රං අම්මන්ඩි පළදින බඩු…?
Pradeep Kumara Tuesday, 25 April 2023 09:22 AM
පොලොවට යටවී දිරාපත් වෙමින් යන වටිනා දේවල් ගොඩට ගෙන යම් කිසිවෙක් ප්‍රයෝයනයට ගනීනම් එහි ඇති වැරැද්ද කුමක්ද? අඩුම තරමින් එසේ ගොඩට ගන්නා වටිනා දේවල් වලින් යම් ප්‍රතිශතයක් රජයට පවරා ගෙන හෝ ඒ අයට අවස්ථාව දෙන්න මේවා ප්‍රයෝජනයට ගන්න.