IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටි දෙකක රන් ආභරණ රේගුවෙන් අල්ලයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක්, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් නිතර නිතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල යෙදෙන 28 හැවිරිදි සහ 38 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයන් දෙදෙනෙකි .

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Chanel ) ඔස්සේ මොවුන් ගුවන් තොටුපළෙන් පිටවීමට උත්සාහ දරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පැළද සිටි පාවහන් සහ යට ඇදුම් තුළ මෙන්ම ගෙල පැළද ගෙන මෙම කිලෝ ග්රැම් 01 යි ග්රැම් 200 ක් බරැති ස්වර්ණාභරණ තොගය රැගෙන විත් තිබුණි .

රේගු නිලධාරීන් නොමග යැවීම සඳහා ගෙළ පැළද සිටි මාල රිදී පැහැයෙන් ආලේප කර  තිබු බවට රේගුව කියයි.

 



අදහස් (0)

කෝටි දෙකක රන් ආභරණ රේගුවෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site