
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
සොරාගත් බවට සැකකරන රුපියල් කෝටි තුනකට අධික දේපල තොගයක් සමග තිදෙනකුගෙන් යුත් හොර කල්ලියක සාමාජිකයකු වන " වෑල්ඩින් ප්‍රියන්ත " නමැත්තා අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය කියයි.
සැකකරුගේ ප්‍රකාශ මත හැඳල වත්තල වසා දැමුණු ගරාජයක් තුළ තිබු ලොරි රථයක් වෑන් රථයක් මෝටර් රථයක් යතුරුපැදි තුනක් ,අලුත්ම ටයර් තොගයක්,විදේශීය මත්පැන් බෝතල්,ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ තොගයක්,ත්‍රිවිල් අමතර කොටස්,කඩු පහක් ,ඉබි යතුරු කපන අඩුවක්,රම්බෝ පිහියක්,ත්‍රීරෝද රථ සහ යතුරුපැදි වල අමතර කොටස් විශාල ප්‍රමාණයක් ඇතුලු දේපල රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
නවගමුව රෝහල් හංදිය පිහිටි තඹ කම්බි ගබඩාවක ඉබි යතුරු කපා රුපියල් ලක්ෂ 15ක තඹ කම්බි තොගයක් සහ ආරක්ෂිත කැමරාවේ ගබඩා පද්ධතිය මීට සති දෙකකට ඉහතදී මෙම සොර කල්ලිය විසින් රැගෙන ගොස් තිබූ අතර එම කල්ලිය නැවත වතාවක් පෙරේදා 13 අලුයම එම ගබඩාව කැඩීමට දෙවන වතාවට පැමිණි තිබූ බව පොලිසිය කියයි.
ඒ ආසන්නයේ පුද්ගලයකු පොලිසියට ලබා දුන් තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානය වැටලීමේදී සොර කල්ලියේ පුද්ගලයන් දෙදෙනකු පලාගිය අතර එක් පුද්ගලයකු ඔවුන් පැමිණි මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කාලයක සිට සිදු කළ සොරකම් රැසක තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.
සැකකරු සමඟ පොලිස් භාරයට ගත් එම මෝටර් රථයේ රථයේ පසුපස ඩිකියේ තබා තිබූ තියුණු ආයුධ සහ සහ යකඩ කපන අඩුවක්ද එම අවස්ථාවේදීම පොලිස් බාරයට ගෙන ඇත.



2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි ගණනක හොර බඩු සමග හොරකල්ලියක සාමාජිකයෙක් මාට්ටු
visnu Friday, 16 September 2022 11:16 AM
ලැජ්ජ නැහැ පොලිසියට බුදියගෙනෙ ඉදල දැන් වීරයො වෙන්න හදනව.