IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කෝටි එක හමාරක කුඩු සමග අඹුසැමි යුවළ මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග අඹු සැමි යුවළක් අත්තිඩිය නිවසක දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කම්කරු සේවකයෙකි.

එම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 45ක් හා සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 810 ක්,විද්‍යුත් තරාදියක්,මත්කුඩු පැකට් කිරීම සඳහා සදහා යොදා ගන්නා හැන්දක්,ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 41000 මුදලක් ඇතුළු උපකරණ රැසක් සමඟ මත් කුඩු පැකට් කිරීමට යොදා ගත් කුඩා කොළ කැබලි තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත

වැටලීම සිදුකරන අවස්ථාවේ දී අඹුසැමි යුවළ නිවස තුළ මත්කුඩු පැකට් කරමින් සිටි බවත් පොලිසිය කියයි

මේ වන විට බූස්ස බන්ධනාගාරය රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මර්වින් ජානා නැමැත්තාගේ අනියම් බිරිඳ වන රුසියාවේ පදිංචි දිලිනි නැමැත්තිය ට මෙම මත්කුඩු තොගය අයිතිබව සැකකාර අඹුසැමි යුවළගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (0)

කෝටි එක හමාරක කුඩු සමග අඹුසැමි යුවළ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 4 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 590 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site