IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොටුව දුම්රිය ස්ථානය - වරාය පරිශ්‍රය යළි විෂබීජහරණය කරයි

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහන් කිහිපයක් අද (20) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට ඇතුළුවන පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් මහජනතාව බහුලව ගැවසෙන ‍කොළඹ කොටුව දුම්රිය ස්ථානය දෙවන වරටත්  එහි සියළුම පරිශ්‍රයන් ආවරණය වන පරිදි විෂබීජ හරණය කිරීම සිදු කරන ලදි.
 
එසේම වරාය පරිශ්‍රයට අතුළුවන දොරටු ප්‍රදේශයන් ආශ්‍රිතවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජ හරණ කිරීමේ වැඩසටහනක් අද දිනය තුළදී ක්‍රියාත්මක කරන ලද අතර, මෙවැනි ජනාකීර්ණ ස්ථානයන්හි වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා විෂබීජ හරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටි.

( නාවික හමුදා මාධ්‍ය අංශය)

 

 

 

 



අදහස් (1)

කොටුව දුම්රිය ස්ථානය - වරාය පරිශ්‍රය යළි විෂබීජහරණය කරයි

chandima Saturday, 21 March 2020 02:51 PM

බලන්න එකම රෝගියෙක්වත් නැති තැන්වලට තෙල්ගහන්න යන්න මුළු ශරීරේම වැහෙන්න ඇඳුම් ඇඳගෙන යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site