
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ කටාර් පුණ්‍යායතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ රජයේ රෝහල්වලට හෘද සහ ස්වසන රෝගවලට අවශ්‍ය රුපියල් කෝටි 12කට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් පසුගියදා ප්‍රදානය කළේය.
මෙම ව්‍යාපෘතියෙන් ආසන්න වශයෙන් රෝගීන් 47,000කට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරයි.
ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ මහමුද් අබු කලීෆා මහතාගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේදී නිදන්ගත රෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදයට විසඳුම් දීමට බලාපොරොත්තු වෙයි. රෝගීන්ට සපයන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට දායක වීම, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සහ මනුෂ්‍යත්වයේ වටිනාකම් තහවුරු කිරීම සඳහා කටාර් වැසියන්ගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත මෙම පරිත්‍යාගයක් සමඟ පැමිණෙන බව කටාර් පුණ්‍යායතනය පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.ජී.මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටාර් රාජ්‍යයෙන් කෝටි 12ක ඖෂධ